EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Mindcage (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

හොලිවුඩ් කතා වල නිතර දකින්න ලැබෙන දෙයක් තමයි දාම ඝාතකයෝ. ඒකෙත් තව දකින දෙයක් තමයි, ඒ දාම ඝාතකයන්ව අල්ලගත්තාට පස්සේ, ඒ අයව අනුකරණය කරන එයාලාගේ අනුගාමිකයෝ. රසිකයෝ. ගොඩාක් වෙලාවට, ඒ දාමඝාතකයා කරපු වැඩ කොපි කරලා ඒ විදියටම මරණ කෙනෙක් දකින්න ලැබෙනවා. මේකත් එහෙම අත්අඩංගුවට අරගත්ත දාම ඝාතකයෙක් ගේ කොපිකාරයෙක් ගැන කතාවක්. කිසිම විදියකින් බලාපොරොත්තු නොවෙන විදියේ දේවල් සිද්ධ වෙන කතාවක් තමයි මේ.

කෙලි සහ ජේක් දෙදෙනා එකතු වෙලා මේ දාම ඝාතකයා‍ගේ කොපිකාරයා හොයාගන්න උත්සාහ කරනවා. හැබැයි, මෙයාලාට ඒක කරන්න කිසිම සාක්ෂියක් හොයාගන්න ලැබෙන්නේ නෑ. අනික, මේ අළුතින් සිද්ධ වෙන සියළුම ඝාතන, කලින් සිද්ධ වෙච්ච එවාට හැම අතින්ම සමානයි. ඒ නිසා මේ දෙදෙනා, හැකි හැම උත්සාහයක්ම, හැම තේරීමක්ම කරනවා, ඝාතකයා හොයාගන්න. ඒක සාර්ථක වෙයිද, කවුද මේ ඝාතකයා, කොහොමද එයා හරියටම දාම ඝාතකයාව කොපි කලේ කියන ප්‍රශ්න තමයි අපේ හිතේ තියෙන්නේ. කතාව ඉවරවෙනකල්ම මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නෑ කියලා නම් දන්නවා.

Mauro Borrelli විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය, එයාගේම කතාවක් මත තමයි කරලා තියෙන්නේ. Lionsgate සමාගමෙන් බෙදාහැරීම කටයුතු කෙරුණත්, තව සමාගම් හතර පහක එකතුවකින් තමයි නිෂ්පාදනය කලේ. රඟපෑමෙන් දායක වුනා Martin Lawrence (ජේක්), Melissa Roxburgh (මේරි), John Malkovich (කලාකාරයා), Neb Chupin (දොස්තර ලොෂ්ච්) ඇතුළු පිරිසක්.

වැඩිය ප්‍රෙක්‍ෂකයන් අතරට නොගියපු, හැබැයි වෙනස් විදියකට නිර්මාණය වෙච්ච චිත්‍රපටියක් නිසා මේක දිගටම බලන්න.

Comments

January 12, 2023

Thank you cinesubz best site in sri lanka

January 12, 2023

Thank you

January 22, 2023

The hobit film 3 danna puluwanda