EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMonica, O My Darling (2022) | එකපිට එක මිනීමැරුම්…
අළුත්ම අළුත් චිත්‍රපටයක් අරගෙන තමා මේ පැත්තට ආවේ, සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්, චිත්‍රපටයේ නම තමා Monica, O My Darling. මේක මේ පහුගිය එකොළොස් වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා මුදාහැරුණු චිත්‍රපටයක්.
Monica, O My Darling අධ්‍යක්ෂණය කරන්නේ වසන් බාලා විසින්, Mard Ko Dard Nahi Hota චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මොහු විසින්. මේක නිෂ්පාදනය කරන්නේ Andhadhun එහෙම නිෂ්පාදනය කරපු කට්ටිය. එතකොට රඟපාන්නේ රාජ් කුමාර් රාඕ, හූමා කුරේෂි, රාධිකා ආප්තේ… සිකන්දර් ඛේර්, බගවති පෙරුමාල්, අකන්ෂා රන්ජන් කපූර් සහය රංගනයෙන් දායක වෙනවා, ඒ වගේම වසන්රා බාලාගේ මුල්ම ෆිල්ම් එකේ හිටපු රාධිකා මදන් සහ අභිමන්යු දසානි විශේෂ ආරාධිත රංගනයකින් දායක වෙනවා.
කතාව ගැන යමක් කිව්වොත්, මේක ජපන් නවකතාවක් ආශ්‍රයෙන් ගහපු එකක්. යුනිකොර්න් කියලා රොබෝ සමාගමක් තියෙනවා, මේකේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලොක්කා ජයන්ත් කියලා කෙනෙක්ව තමා පත් කරන්නේ, තමන්ගේ පුතාවවත් පත් නොකර, තව අර්වින්ද් කියලා පොරකටත් ඒ නිසා ඒ අවස්තාව අහිමිවෙනවා, ඒ නිසා ජයන්ත් එක්ක ලොක්කගේ පුතා වන නිශිකාන්ත් එහෙමත් ඉන්නේ නෝක්කාඩුවෙන්, එතකොට මොනිකා කියන්නේ ලොක්කගේ සෙකට්‍රි, සෙකට්‍රි මේ තුන්දෙනාගෙම ජීවිතයට බලපෑමක් එල්ල කරනවා, තුන්දෙනාම එකතු වෙලා ගිවිසුමකට එළඹෙනවා මොනිකාට එරෙහිව… ඔතනින් තමා කතාව පටන් ගන්නේ…
ඉර්ෆාන්ගේ Blackmail බලලා තියෙනවනම්, ඒකට කැමති වුණා නම්, මේ ඒ ජාතියේ වැඩක්… ඩාර්ක් කමඩියක්… ත්‍රිල ගතියක් එක්ක මික්ස් වුණු මරු කතාවක්.. ට්විස්ට් එහෙම තියෙන කුතුහලයෙන් බලන්න පුළුවන් එකක්, මරු සින්දු දෙක තුනකුත් තියෙනවා, මේක අනිවා බලන්න ඕන ජාතියේ එකක්. එහෙනම් අනිවා බලන්න කියන ගමන් ගිහින් එන්නම්











