CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1888 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Monster (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Monster (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 02, 2023Japan125 Min.
Your rating: 0
7.6 7 votes
Monster (2023) | මිත්‍රත්වයේ සෙවණැලි

අපි හැමදාම වගේ ෆිල්ම් එකක් මුල ඉදන් අගට බැලුවට අග ඉදන් මුලට බලලා නෑ නේද? ඔන්න එහෙනම් අද ගෙනාවා අග ඉදන් මුලට බලන්න ෆිල්ම් එකක්. මුලින්ම බයිස්කෝප් අපේ සෙට් එකටත්, හැමදාම කමෙන්ට් කරමින් අපිව දිරිමත් කරන හැමොටමත් ගොඩක් ස්තූතියි. ඒ නිසාම ඔන්න අද අරගෙන ආවා ටිකක් වෙනස්ම කාලෙකින් මමත් බලපු සුපිරි ෆිල්ම් එකක්. ඇත්තටම මම මේක ලියද්දි ගොඩක් සැලකිලිමත් වෙනවා වෙනදට වඩා අද . මම වැඩිය විස්තර ලියන්නෙ නැහැ ෆිල්ම් වලට මොකද ඒකෙ රසය, කුතුහලය, ඊලගට මොකද වෙන්නෙ කියන එක බලන කෙනාට ඉතුරු කරන්න ඕනි නිසා. එහම බලද්දි මේ ෆිල්ම් එක ගැන කොහොම ලියන්නද කියලා හිතා ගන්න බැහැ. අභිරහස් සහ කැලඹීම් ජාලයක් මැද්දෙ තනිකඩ මවක් තම පුතාව ආරක්ෂා කර ගන්න දරන අරගලය පසුබිම් කර ගත් “Monster” මිත්‍රත්වය, ආදරය සහ පාසල් ජීවිතයේ කටුක යථාර්ථයන් පිළිබඳව සහ දෙමාපියන්ගේ හැසීරීම ළමා මනසට කොතරම් දුරට කාවදිනවාද යන්න පෙන්වා දීමට මේ කතාව මනාව ඉවහල් වේවි කියලයි මට හිතෙන්නෙ,
Monster (2023) Sinhala Subtitles
ෆිල්ම් එක ගැන කියනවනම් මේක එලියට එන්නෙ 2023. මේක ජපන් ෆිල්ම් එකක්. ඔයලා දන්නවා ඇති ජපන් අය ලියද්දි පවා ලියන්නෙ දකුනෙ ඉදලා වමට, පොතක අපි කියවන විදියට නම් අපේ පොතක අන්තිම පිටුව ජපන් අයගෙ පොතක මුල් පිටුවවෙනවා. ඉතින් මේ ෆිල්ම් එක ජපන් එකක් කියන්න හොදටම තේරෙන දෙයක් තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන හිරොකසු කොරෙඩා කියන මහත්මයා මේ කතාව පෙළගස්සවලා තියෙන්නෙත් ඒ විදියට. ඒකයි මුලින්ම මම කිව්වෙ ෆිල්ම් එක අපි අග ඉදන් මුලට බලන්න වෙනවා කියලා. ඒ වගේම මම ඉල්ලනවා මේ කතාව පොඩ්ඩක්වත් ස්කිප් කර කර නම් බලන්න එපා. එහෙම වුනොත් කිසිම දෙයක් තේරෙන එකක් නැහැ. සමහර තැන් මට අහුවුනේ 2වෙනි පාර බලද්දි. මේ ෆිල්ම් එක හරිම අවධානයකින් බලන්න. සමහර පුංචි පුංචි සිදුවීම් තියෙනවා අභිරහස්. උත්තර නැති ප්‍රශ්ණ, වගේම කිසිම වාචිකව දෙයක් නැති අභිනයෙන් විතරක් පෙන්වන. හැබැයී ඒ හැමදේකටම උත්තර ෆිල්ම් එකේ කොහේම හරි තියෙනවා.
Monster (2023) Sinhala Subtitles
මේ කතාව Films Awards 49 කට නිර්දේශ වෙලා , ඒ අතරින් 9ක්ම දිනාගෙන තියෙනවා. එතනින් එහාට ෆිල්ම් එක කොහොමද කියන ඕනි නෑනේ.
අනිවාරයෙන්ම බලන්න ඕනිම ෆිල්ම් එකක් හොදේ..
Monster (2023) Sinhala Subtitles
මේ කතාව
IMDb Rate – 7.9
Box Office- ඩොලර් මිලියන 21.5
Running time – මිනිත්තු 125
Thriller/Drama
කතාව ගැනත් පොඩ්ඩක් මුල කියන්නම් කතාවේ රසයට බාධාවක් නොවෙන්න. ඇත්තටම කතාව ගැන ලියන්න ගොඩක් උත්සහ කලත්, ඒක කතාවෙ රසයට බාදාවක් වේවි කියලා ලියන්න වචන ගලපගන්න ගොඩක් අමාරුයි.
Monster (2023) Sinhala Subtitles
අම්මා – සඕරෝ මුගිනි.
පුතා – මිනටෝ මුගිනි
පන්තියේ අනිත් කෙනා- ‍යොරි හොශිකවා
පන්තිභාර ගුරුතුමා – මිචිටොශි හෝරි කියන ප්‍රධාන චරිත වටා තමා කතාව ගෙතෙන්නෙ,ඉතින් මේ කතාව පටන් ගන්නෙ ගිනි ගන්න බිල්ඩින් එකකින්. හැබැයි ඇයි, කොහොමද කියලා දැන ගන්න නම් කතාවෙ මැදක්වත් එනකල් බලන්න වෙනවා. සඔරෝ මුගිනි කියන්නෙ තනියම තමන්ගෙ ළමයා උස්මහත් කරගෙන ජීවත් වෙන අම්මා කෙනෙක්. පුතා මිනාටෝගේ තාත්තා නැති වෙලා. මෙයා ඉගෙන ගන්නෙ ප්‍රාථමික පාසලක 5 වසරෙ. ඉතින් මෙයාගෙම පන්තියෙ යොරි හොශිකවා කියලා කෙනෙක් ඉගෙන ගන්නවා. මේ කොල්ලා හැමෝගෙන්ම කොන් වෙලා වගේ තමා ඉන්නෙ. කොල්ලො හැම වෙලේම කරදර කරනවා. ඒ නිසා හැමෝගෙන්ම ඈත් වෙලා තනියම තමයි ඉන්නෙ. ඒ වගේම මෙයාටත් තාත්තා විතරයි ඉන්නෙ. එත් තාත්තා මේ ළමයට බීලා ඇවිත් ගහනවා. ඔහොම යද්දි තමයි, යොරිට, මිනටෝ කරදර කරන හැම වෙලාවකම මේක පන්තිභාර හෝරි සර්ට අහු වෙනවා. කොහොම හරි මිනටෝ එක පාරට වෙනස් වෙනවා. ඒක සඕරෝට දරාගන්න ගොඩක් අමාරුයි. ඉතින් මිනටෝගේ අම්මා මේකට හේතුව හෝරි සර් කියලා මිනටෝ කියනවා. ඊට පස්සෙ ඒ ගැන මිනටෝගෙ අම්මා ඉස්කොලෙට ගිහින් පැමිණිලි කරනවා.
Monster (2023) Sinhala Subtitles
දිගටම කතාව බලන්න මොකද වෙන්නෙ කියලා දැනගන්න නම්. ඊට වඩා නම් කියන්නෙ නෑ නෑ නෑමයි. කැමති නම් අනිවා කමෙන්ට් එකක් හරි දාගෙන යන්න අමතක කරන්න එපා. එතකොට තමයි මේ වගේ ෆිල්ම්ස් තව අරන් එන්න පුලුවන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිමුතු චතුරංග (Baiscopelk)
IMDb 7.9 /10 17,645 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Sakura Ando isSaori Mugino
Saori Mugino
Eita Nagayama isMichitoshi Hori
Michitoshi Hori
Soya Kurokawa isMinato Mugino
Minato Mugino
Hinata Hiiragi isYori Hoshikawa
Yori Hoshikawa
Yûko Tanaka isMakiko Fushimi
Makiko Fushimi
Mitsuki Takahata isHirona Suzumura
Hirona Suzumura
Akihiro Kakuta isShoda Fumiaki
Shoda Fumiaki
Shido Nakamura isKiyotaka Hoshikawa
Kiyotaka Hoshikawa

Similar titles

Back in Action (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadaisi Vivasayi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Miller’s Girl (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaamana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strange Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Day Shift (2022) Sinhala Subtitles | වැම්පයර් දඩයම | සිංහල උපසිරැසි සමඟ
Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]
Chungking Express (1994) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gully Boy (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sudani from Nigeria (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published