CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4176 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 24, 2023Poland94 Min.
Your rating: 0
9.3 3 votes
Mother's Day (2023) | අම්මලා එක්ක පැටලෙන්න එපා

අම්මලා එක්ක පැටලෙන්න එපා
සබ්ස්.එල්කේ අපි නිතරම උත්සාහ ගන්නවා හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් සිනමාවෙන් එහාට ගිහිල්ලා ලෝක සිනමාවේ විවිධ රටවල, විවිධ භාෂාවල ලස්සන නිර්මාණ ඔයාලා හමුවට අරන් එන්න. ඒ අනුව, පසුගිය මස, එනම් 2023 මැයි 24 දින නිකුත් වුනු නවතම පෝලන්ත සලරුවකට තමයි මේ පාර සිංහල උපසිරැසියක් අරගෙන ආවෙ. ඒ තමයි Mother’s Day. ඔරිජිනල් නම Dzien Matki. භාෂාවත් පෝලන්තමයි. තම දරුවෙක් වෙනුවෙන් අම්මා කෙනෙකුට කොච්චර දේවල් කරන්න පුලුවන්ද, කොච්චර දුර යන්න පුලුවන්ද? ඒ වගේ අම්ම කෙනෙකුගේ ශක්තිය ධෛර්යය පෙන්වන මාරාන්තික චාරිකාවක් තමයි කතාවට පාදක වෙලා තියෙන්නෙ. විනාඩි 94 ක් පුරා සටන්, ක්‍රියාදාම අඩුවක් නැති මෙය Action, Drama, Crime, Thriller වර්ගයේ ෆිලුමක්. ප්‍රධාන චරිතය වන නීනාගේ භූමිකාවට පණ පොවන්නේ Agnieszka Grochowska. ඊට අමතරව Szymon Wroblewski (වෝල්ට්), Adrian Delikta (මැක්ස්), Dariusz Chojnacki (ඉගෝර්) යන අය රංගනයෙන් දායක වෙනවා.
පසුගියදා නිකුත්වුනු හොලිවුඩ් චිත්‍රපටයක් වන, ජෙනිෆර් ලෝපස්ගේ The Mother ෆිල්ම් එකේ කතාවට බොහෝමත්ම සමානයි මේකෙ කතාවත්. දෙකේම කතා නායිකාව, එහෙම නැත්නම් අම්මා, හිටපු ප්‍රවීන බුද්ධි හා සන්නද්ධ අංශ සාමාජිකාවන්. දෙන්නගෙම ස්වාමි පුරුෂයන් නෑ. ලෝපස්ට ඉන්නෙ දුවක්. මේකෙ ඉන්නෙ පුතෙක්. ළමයි දෙන්න නව යොවුන් වයසෙ. එයාලගෙ හතුරන්ගෙන් දරුවන්ගෙ ජීවිත වලට තර්ජනයක් එල්ල වෙයි කියලා දරු සෙනෙහස හිතේම වලලලා දාලා, දෙන්නම දරුවන්ගෙන් ඈත් වෙලා රහසිගත ජීවිතයක් ගෙවන්නෙ. දරුවන්ව වෙන පවුලක් හදාගන්නවා. ළමයි දෙන්නම එයාලගෙ ඇත්ත අම්මව අදුරන්නෙ නෑ. නමුත් කොහොමහරි රහස එලිවෙලා අම්මලාගෙ පැරණි සතුරන් විසින් දරුවන් පැහැරගන්නවා. එතකොට අම්මලා දෙන්නට තමන් හැංගිලා හිටපු ගුහා වලින් එලියට එන්න සිද්ධ වෙනවා. ලෝපස්ට නම් උදව්වට හරි කෙනෙක් ඉන්නවා. මේකෙ අම්මා වන “නීනා නොවාක්” හෙවත් “කිකිමෝරා”ට නම් ගේමට බහින්න වෙන්නෙ තනියම. හැබැයි ඊට පස්සෙ නොනවතින ක්‍රියාදාම රැල්ලක් බලාගන්න පුලුවන්. “මදර්” ෆිල්ම් එකට වඩා “මදර්ස් ඩේ” ඇක්ෂන් පැත්තෙන් ඉදිරියෙන් ඉන්න බවයි මගෙ නම් හැඟීම. ඔයාලත් බලලම තීරණය ඒක තීරණය කරන්නකෝ.
“Don’t mess with mother”

Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 5.3 /10 1,938 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Bangkok Breaking: Heaven and Hell (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sarkar (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kashmir Files (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Raiders of the Lost Ark (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Govinda Naam Mera (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cocktail (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gulmohar (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pearl (2022) Sinhala Subtitles
Ghani (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agents (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan October 9, 2025 Reply

    ❤️

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published