EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Mukundan Unni Associates (2022) | මුකුන්දන් උන්නි හවුල්කරුවෝ 2022

Letterboxd වෙබ්අඩවියේ මලයාලම් ප්‍රේක්ශකයන්ගේ ප්‍රතිචාර වලට අනුව 2022 වසරේ හොඳම මලයාලම් චිත්‍රපටය #MukundanUnniAssociates ඊයේ අන්තර්ජාලයට මුදාහැරුනා !
Dark Comedy ශානරයට අයත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Hridayam අධ්‍යක්ශනයෙන් දායක වූ විනීත් ශ්‍රීනිවාසන් විසින්.
චිත්‍රපටය ගැන වැඩි විස්තරයක් නොකියා මම මෙහෙම කියන්නම්.
ඔබ කර්මය විශ්වාස කරනවද ? තවකෙනෙක්ට හොඳක් කරොත් ඇත්තටම තමන්ට හොඳක් වෙනවද ? නරකක් කරොත් ඒක පළිසන්දෙනවද ?
ඇත්තටම ලෝකෙ සාර්ථකම , ධනවත්ම මිනිස්සු වෙන දේශපාලකයන් , ව්‍යාපාරිකයන් වගේ අය එච්චර සුදු චරිතද ? ඒ මිනිස්සු ඒ තැනට ඇවිල්ලා තියෙන්නෙ කැපවීමයි , අධිශ්ඪානයයි නිසා විතරක්මද ?
Mukundan Unni Associates චිත්‍රපටයත් ප්‍රේක්ශකයගෙන් අහන්නෙ අන්න ඒ වගේ ප්‍රශ්නයක්.
අවසන් වශයෙන් මෙය වසරේ ඔබ මඟ නොහැරිය යුතු චිත්‍රපටයක් ලෙස ඉහළින්ම නිර්දේශ කරන්න පුලුවන්.

Comments