EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Murder Mystery 2 (2023) | පැහැරගැනීමක් පසුපස

හොලිවුඩයේ විකට රජෙක් වෙන ඇඩම් සැන්ඩ්ලර් සහ ජෙනිෆර් ඇනිස්ටන් රංගනයෙන් දායක වන Murder mystery 2023, 2019දි පිටවුනු Murder mystery 2019 චිත්‍රපටයට සික්වල් එකක් වෙනවා. පැය එක හමාරක් දුවන මේ චිත්‍රපටය ලබාගෙන තියෙන්නෙ IMDB අගය 5.7යි. මේ ඇමරිකානු චිත්‍රපටය කොමඩි, අපරාධ, අබිරහස්, වර්ගීකරණයන්ට හසු වෙනවා. බෙදාහරින්නේ නෙට්ෆ්ලික්ස් වෙතින්. මුල් චිත්‍රපටයේ සිටි චරිත කිහිපයක් එක්ක අලුත් මුහුණු ගොඩක් දකින්න ලබෙනවා. උපසිරසිකරණයෙන් ඈත් වෙලා ටිකක් කල්. ඒත් මුල් කාලෙ කරපු චිත්‍රපටයක සීක්වල් එකක් නිසාත් පොඩි විවේකයක් ලබපු නිසාත් මේක කරන්න භාර ගත්තෙ.

කතාව ටිකක් කිව්වොත් මොන්ට් කාර්ලෝ වල වික්‍රමයෙන් (Murder mystery 2019) පස්සේ නික් සහ ඕඩ්‍රි දෙන්නා තමන්ගේම කියලා රහස් පරීක්ෂණ ආයතනයක් කරගෙන යනවා. හැබැයි ඒක එච්චර සාර්ථක වුනු පාටක් නම් නෑ. දාහක් ප්‍රශ්න අතරේ එයාලගේ යාලුවෙක් වුනු පොහොසත් පුද්ගලයෙක් එවන විවාහ උත්සව ඇරයුමකට මේ දෙන්නා පිටත් වෙලා යනවා. හැබැයි සිරිත් පරිදි ස්පිට්ස් ජෝඩුවට නිවාඩු ගමනක් යනවා කියන්නේ අනිවාර්යයෙන්ම කරදරයක් සහ අභිරහසක් කඩාගෙන වැටෙන වැඩක්. මිනීමැරුම් කීපයක්, ඉහලම ගණයේ පැහැර ගැනීමක් එක්ක තමන්ගේ නම පොලිසියේ සොයන අපරාධකාරයින් ගොඩේ ඉහලින්ම ලියාගන්න සමත් වෙන මේ ජෝඩුව, තමන්ගේ යාලුවා සහ තමන්ගේම හොඳ නම් රැකගන්න වුවමනාවෙන්, මේ සිද්ධිය ලිහාගන්න උපරිම උත්සාහ දරනවා.

ඕනිවට වඩා විස්තර දීලා ස්පොයිල් කරන්න ඕනි නැති නිසා ඉතුරු ටික සහ මුල් චිත්‍රපටයට සාපේක්ශව මේකෙ සාර්තකත්වය ඔයාලටම තීරනය කරන්න දෙන්නම්.

Comments

April 8, 2023

Downlord karanna bahane.

    Cinesubz April 9, 2023

    mokadda awula?
    server 01/02/03 try karanna ekakin bari nam