EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Muzzle (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Anthony Arrigo, Gustavo Peña, John Stalberg Jr.
Cast
Go Full Cast PageMuzzle (2023) | හොදම යාලුවා වෙනුවෙන්
2023 දී රිලීස් Muzzle කියන සුපිරිම Crime ,Thriller, Action movie එක.මුලින්ම muzzle කියන්නෙ මොකක්ද කියලා දැනගමුකො. ඒ කියන්නේ සතෙක්ගේ මූණේ ඉදිරිපස කොටස එහෙම නැත්නම් සතෙක්ට දාන මුඛ ආවරණයට. ඔව්, ඔයාලා හිතුවා හරි. මේක අපි හැමෝම වගේ ආස කරන පොලිස් බල්ලන් වටා ගෙතුන කතාවක්.
කතාව පැත්තට ගියොත්, Los Angeles Police Department (LAPD) K-9 නිලධාරි Jake Rosser සහ එයාගේ K-9 සහකරු Ace (බල්ලා) වීදිවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්ක සටන් කරන කොට වෙඩි හුවමාරුවකට ලක්වෙනවා. මේ සටනෙදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් Ace ට වෙඩි තියනවා. ජේක් ඉක්මනින්ම Ace ට ප්‍රතිකාර කරන්න අරන් ගියත් ප්‍රතිකාර කරන දොස්තර ඒක ප්‍රතික්ෂේප කරන නිසා ජේක් ඔහුට පහර දෙනවා. ඒ නිසා ඔහුට හමුදාවෙන් ටික කාලයකට නිවාඩු ලැබෙනවා..
ඉතින් තමන් ආදරය කරපු, තමන්ට හිටපු හොදම යාලුවා Ace වෙනුවෙන් පලිගන්න ජේක් තීරණය කරනවා.
ඉතින් වෙඩි තිබ්බ කෙනාගේ අන්‍යතාවය හොයාගත්තත් ඇතුලේ නිළදාරීන් එකතු වෙලා අවුලක් හදනවා.
Ace නැති වීමෙ දුකින් ඉන්න ජේක්ට ටයිටේනියම් දතක් දාලා ඉන්න ප්‍රචණ්ඩකාරී , අද්භූත අතීතයක් තියෙන “සෝක්ස්” කියන හුරුබුහුටි බල්ලාව අලුත් සහකාරයා විදිහට ලැබෙනවා.සොක්ස් කුඩුව ඇතුලේ වකුටු වෙලා, මුහුනට ආවරණයකුත් දාගෙනයි ඉන්නෙ..ඇත්තටම සොක්ස්ට කලින් තිබිලා තියෙන්නේ අමිහිරි අතීතයක්.
ඒ ඇයි කියලා කතාව බලන් යද්දී ඔයාලට තේරෙයි.
කොහොමහරි, ජේක්ගෙ සහ සොක්ස්ගේ ඉලක්කය වෙන්නේ ,ජාවාරම් කරන සුනඛයන් සහ ෆෙන්ටැනයිල් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මූලිකව ක්‍රියා කරන ව්‍යාපාරවලින් යුත් පාතාල ලෝකය වටලන එකයි..
මේ අතරේ ජේක්ගේ යාලුවා Ace වෙනුවෙන් පලිය ගන්නත් අමතක කරන්නේ නෑ..
ඉතින් Action, Crime මූවීස් වලට කැමති යාලුවෝ මේ මූවී එක අනිවාර්යයෙන්ම බලන්න..



