EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageNarayaneente Moonnaanmakkal (2025) | එයා යනකල්
අද මම තවත් නවතම OTT නිකුත් උන ලස්සනම ලස්සන මලයාලි පවුල් කතාවක් රැගෙන එනවා. කාලෙකට පස්සෙ තමයි මේ වගේ මලයාලින්ටම ආවේණික පවුලේ කතාවක් ගෙන එන්නෙ.
මේක සරලවම කිව්වොත් සහෝදරයො තුන් දෙනෙක් වටා ගෙතුණු කතාවක්. අසාධ්‍ය තත්වයේ සිටින සිය මවගේ අවසන් හෝරා කිහිපය ගත කරන්න කාලෙකට පස්සෙ සහෝදරයො තුන් දෙනා සිය පවුල් සමග මහ ගෙදරට එකතු වෙනවා.කොහොමත් සහෝදරයො කිව්වට එයාල තුන් විදිහක්. ඉතිං අම්මගෙ අවසන් හුස්ම පොද යන කල් මේ සහෝදරයින්ගෙ පවුල් වල කියුම් කෙරුම් තමයි මේ කතාවෙ තියෙන්නෙ. ඒ එකිනෙකාගෙ මානුෂික සබඳ කම් වගේම පරම්පරා දෙකක වෙනස අස්සෙ මවගේ අවසානය අපේක්ෂා කරන කටුක යථාර්ථවාදී අරමුණක්ද ඔවුන් හැමෝම තුල තියෙනවා.
මේ සහෝදරයින් තිදෙනාගේ චරිත තුළ ජීවත් වෙන නළුවන් තිදෙනා කිව්වම කාටත් මේක බලන්න ආස හිතෙයි. මේ තුන් දෙනාටම ප්‍රියතම රසිකයො අපි අතර ඉන්නවා. අලෙන්සියර් ලෝපෙස්, ජෝජු ජෝජ් සහ සූරජ් වෙන්ජාරමුඩු මේ චරිත තුන රඟපානවා. යොවුන් නළු නිළි දෙපලක් වන ගාගි ආනන්දන්, තෝමස් මැතිව්, ශෙලී කිශෝර්,සජිතා මඩාති සෙසු චරිත රඟපානවා. සරන් වේණුගෝපාල්හගේ අධ්‍යක්ෂනයක්.





