EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageNarik Sukmo: Menari atau Mati (2025) | ආත්මය බිලිගන්නා නර්තනය
කෙනාර් කියන්නේ නර්තනයට මාරම ආස කෙනෙක්. හැබැයි එයා ඉන්නේ ලොකු මානසික අවුලක. මොකද එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එයාට වංචා කරලා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන්. ඒ දුක තුනී කරගන්නත් එක්ක, කෙනාර් එයාගේ හොඳම යාළුවා වෙන ආයු එක්ක ආයුගේ ගමට ට්‍රිප් එකක් යනවා.
කැලවන්ගින් ගම්මානයේ අබිරහස
ආයුගේ ගම තියෙන්නේ ජාවා දේශ සීමාවේ හුදකලා පැත්තක. ගමේ නම “කැලවන්ගින්” (Kelawangin). මේ දෙන්නා ගමට පා තියපු වෙලාවේ ඉඳන්ම සිද්ධ වෙන්නේ අමුතු දේවල්. එක දිගටම මහ වැස්සක් පටන් ගන්නවා. ගමේ මිනිස්සු කෙනාර් දිහා බලන්නේ හරිම සැකෙන් සහ බියෙන්.
මේ ගම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ නර්තනයට. හැබැයි ගමේ ලොකු රහසක් හැංගිලා තියෙනවා. අවුරුදු 20කට කලින් මේ ගමේ හිටපු බාන්යු සහ රතිමායු කියන පෙම්වතුන් දෙන්නෙක් වටා ගෙතුණු ඛේදවාචකයක් මේකට සම්බන්ධයි.
කෙනාර්ට ටිකෙන් ටික අමුතු හීන පේන්න ගන්නවා. කලු පාට භයානක රූපයක් ඇවිත් එයාගේ ආත්මය (Sukma) උදුරගන්න හදනවා වගේ එයාට දැනෙනවා. ඊටපස්සේ තමයි භයානකම දේ වෙන්නේ. කෙනාර්ට නින්දෙදිවත් නොදැනිම එයා නටන්න පටන් ගන්නවා. හැබැයි ඒ එයා දන්න සාමාන්‍ය නැටුම් නෙවෙයි. ඒ නටන්නේ ගමේ තහනම් කරපු, ශාපලත් නාරික් සුක්මෝ කියන නර්තනයයි.
මේ නැටුම නටනකොට කෙනාර්ගේ ඇඟට වෙනත් ආත්මයක් ආවේශ වෙනවා. ගම්මු විශ්වාස කරන්නේ මේ නැටුම හරහා ආත්ම බිලිගන්න පුළුවන් කියලා.
මේ අතරේ ඩියර්ජා කියලා ගමේ තරුණයෙක් කෙනාර්ට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. මෙයාලා හොයාගන්නවා අර පරණ පෙම්වතුන් යුවළ (බාන්යු සහ රතිමායු) ඇත්තටම නපුරු භූතයෝ නෙවෙයි, ගමේ අයගේ කුමන්ත්‍රණ නිසා අසාධාරණ විදියට මැරුණු අහිංසක යුවළක් කියලා.
දැන් කෙනාර්ට සිද්ධ වෙනවා මේ අතීත රහස විසඳන්න. එයාගේ ඇඟට රිංගලා ඉන්න ආත්මය එයාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? මේ බිලි පූජාවෙන් කෙනාර්ට බේරෙන්න පුළුවන් වෙයිද කියන එක තමයි ෆිල්ම් එක පුරාම කුතුහලයෙන් බලන්න තියෙන්නේ.





