EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

National Treasure (2004) | සැගවුන නිධානය

“දිගු ඉතිහාසයක් තියෙන නම්බුකාර පරම්පරාවක්. ඒ පරම්පරාවත් සමග ගලාගෙන එන අතිවිශාල ධන නිධානයක රහසක්. ඒ රහස එකින් එක ලිහාගන්න දගලන පරම්පරාවේ වර්තමාන පුරුක සහ එයින් හෙම්බත් වුනු ඔහුගේ පියාණන්.”

මේ තමයි 2004 වර්ෂයේදී Jon Turteltaub නම් ඇමෙරිකානු අධ්‍යක්ෂක වරයා විසින් නිර්මාණයකරන ලද National Treasure කියන සිනමා නිර්මාණය. ජනප්‍රිය රංගන ශිල්පී Nicolas Cage මෙහි ප්‍රධාන චරිතය රඟදක්වනවා.
අපේ කථා නායකයා බෙන්ජමින් ෆ්‍රෑන්ක් ගේට්ස් එහෙමත් නැත්නම් බෙන්ට ඔහුගේ සියා මේ මහත් ධනස්කන්ධයක් සහිත නිධානය ගැන කියන රුප රාමු වලින් සිනමා පටය ආරම්භ වෙනවා. එත් ඔහුගේ පියා නම් කීයටවත් කැමති නැහැ තම පරම්පරාවේ අනිත් අය වගේ බෙනුත් මේ නිධානය හොයන්න ගිහන් ජිවිතේ නිකන් නාස්ති කරගන්නවාට. කොහොම හරි මේ නිධානයේ මුල්ම හෝඩුවාව හොයාගන්න මේ අයට යන වෙනවා ඇන්ටාක්ටිකාවටම. එහිදී හිමෙන් යට වුනු චාලට් කියන නැවෙන් මැටියෙන් හදපු දුම් පයිප්පයක් හම්බවෙනවා. එත් මෙතනදී බෙන්ගේ යාලුවා බෙන් සහ ඔහුගේ සගයා රයිලිව නැවේ හිරකරලා යනවා. කොහොමින් හරි ඒ හිරෙන් බේරිලා ඔවුන්ට එන්න නම් ලැබෙනවා.

එත් මැටි පයිප්පෙට අනුව මිලග හෝඩුවාව තියෙන්නේ නම් එසේ මෙසේ තැනක නෙමේ.. කොටින්ම කියනවනම් FBI එකෙන් ආරක්ෂා කරනු ලබන අධි ආරක්‍ෂිත ඓතිහාසික වටිනාකමකින් යුත් ලියවිලි තිබෙන කෞතුකාගාරයක. අනික දැන් මේ නිධානය පසු පස තවත් කල්ලියක් පන්නනවා. ඒ බෙන්ලව නැවේ හිරකරලා ආපු බෙන්ගේම යාලුවෝ. ඒ වගේමයි FBI එකත් මොවුන් පස්සේ එනවා. මේ හැම දෙයකින්ම බේරිලා අති විශාල ධනස්කන්ධය සොයාගන්න පුළුවන් වෙයිද, නැත්නම් තම පරම්පරාවේ අනිත් අය වගේම බෙනුත් පරාද වෙයිද…. එහෙම නැත්නම් ඔහුගේ යාලුවා බෙන්ට කලින් නිධානය අත්කරගනිද……? මේ සියල්ලටම මම දෙන එකම උත්තරේ පල්ලෙහා තියෙන ලින්ක් එකින් ඉතා රසවත් ඒ වගේම එක දිගටම නරඹන්න පුළුවන් මේ සුපිරි සිනමා පටය බාගෙන බලන්න කියන එක විතරයි.

Comments