EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageNeelavelicham (2023) | සිංහල උපසිරැසි සමඟ
මනුස්ස වාසයකින් තොරවූ නිවසක්, කාලෙකට කලින් ඉතා ලස්සනට තබාගත් ගෙවත්තක අද ඉතිරි වී ඇත්තේ වල් බිහිවුනු ස්වභාවයක්, ගම්මුන් අතර ඇත්තේ බියමුසු ආකල්පයක්, මේ ගෙට ගොඩවදින කවුරු හෝ වේවා එක රැයක්වත් මෙහි නවතින්නේ නැති තරමට ඔවුන් මුහුණ දෙනා අත්දැකීමක සැහෙනම දරුණුයි… ගම්මුන් ගොඩවදින්න තියා ඒ පැත්තක් නොබලන්නෙත් ඒ නිසායි…
හුදෙකලාව වසන ලේඛකයෙක් ගේ පැමිණීමත් සමග යලිත් යටපත් වී ගිය අතීතයක සුන්බුන් වූ මතක රැසක් මතුපිටට එන්නේ කවුරුත් නොදන්නා කතාවක් අරගෙනමයි.. බාර්ගවී නම් ඉතා සුන්දර තරුණියගේ ආත්මය මෙහි සැරිසරන්නේ මරණින් පසුවත් ශාන්තියක් නොලබමින්මයි, ඇයගේ අසම්පූර්ණ ප්‍රේම කතාව ලේඛකයාගේ අතින් ලියවෙන්නේ, ඔහුගේ අනුමාන කිරීම මත ඇයගේ ජීවිතය අවසන් වූ ආකාරය ගැනයි… හැම රැයකම නිල්පාට රශ්මි කදම්බයක් වන් ඇයගේ පැමිණීම, දෑස් නිලංකාර කරවන සුලුයි… පරිස්සම් වෙන්න ඔබත් බාර්ගවි නම් සුන්දර තරුණියට ප්‍රේම කරන්නට පුලුවන්… ඉතා මියුරු සංගීතයකින් සපිරි මේ චිත්‍රපටය මලයාලමේ තවත් ලස්සන වැඩක්











