EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageNeeyat (2023) | වංචාකරුවෝ.
කාලයකට පස්සෙ හිංදියක් ගෙන ආවා. IMDB 5.3. මුලින් ටිකක් බෝරිං හිතෙයි. දිගටම බලන්න.ටිකක් යන කොට හොඳ මිස්ට්‍රි ත්‍රිලර් එකක් බලා ගන්න පුළුවන්. මේක හිංදියක් උනාට මේ මුළු ෆිල්ම් එක රූප ගත වෙන්නෙ ස්කොට්ලන්තයේ. එක් රාත්‍රියක සිදුවීම් පෙළක් සහිත කතාවක්.
Neeyat (2023) Sinhala Subtitles
ස්කොට්ලන්තයේ ජනශූන්‍ය කුඩා දූපතක තිබෙන පැරණි සුවිසල් මන්දිරයක්. ගොඩබිමට එකම සම්බන්ධය එකම පාලමක් පමණයි. ජංගම දුරකථන සංඥා නැති ලෝකයෙන් වෙන් වුනු මේ සුපෝඛභෝගී මන්දිරයේ හිමිකරු අශිෂ් කපූර් හෙවත් ඒ කේ නැමැති ධන කුවේරයෙක්.
Neeyat (2023) Sinhala Subtitles
එදා ඔහුගේ උපන්දිනය.පුංචි සාදයක්. සීමිත ආරාධිතයින් පිරිසක් පමණයි. ළඟම හිතවතුන් වන ඥාතීන්, මිතුරන්(මිතුරියන්} සහ සුරතල් බව්වෙක් ආරාධිතයින් අතර. ඔක්කොම එකම එක මේසෙකට ගත හැකි කුඩා පිරිසක්. රාත්‍රියේ ගොඩබිමට ඇතුල් වීමට නියමිත අයිරින් චණ්ඩ මාරුතය නිසා දූපත යා කැරෙන පාලම වසා දැමෙනවා. සාදයට සේවා සපයන්නට පැමිණි පිරිස ඊට පෙර කුණාටුවට බියෙන් ආපසු ගිහින්. ඒත් ඔවුන්ගේ නායකයා පමණක් රැඳී සිටිනවා. මේ තත්වය කිසිසේත් සාදයට බලපෑමක් නෑ. කුණාටුව හමා යනවා. සාදය ආරම්භ වෙනවා. ඒ සමගම මංදිරයට පැමිණෙන අනාරාධිත අමුත්තියක්. කිසිවෙකුත් නාඳුනන ඇයගේ පැමිණීම ඒ කේ බලාපොරොත්තුවෙන් සිටි බව පෙනී යනවා. සාදය මැදදී ඒ කේ අර අදින්නේ කුමකටද? සාදය අවසන්, කුණාටුවත් පහව ගිහින් ඒත් අහිරහස් සිදු වීම් පෙළක් සමග දීර්ඝ රාත්‍රියක්. හිරු උදා වන විට කුමක් සිදු වේද?
Neeyat (2023) Sinhala Subtitles Neeyat (2023) Sinhala Subtitles
අන්තිම වෙනකල් බලන්න. විශේෂයෙන් නාමාවලියත් අවසන් වෙනකල් බලන්න.
Neeyat (2023) Sinhala Subtitles
Vidya Balan, Shahana Goswami, Ram Kapoor,Amrita Puri, Dipannita Sharma ආදී නළු නිළියන් රඟන මේ චිත්‍ර පටයේ අධ්‍යක්ශණය Anu Mennon ගෙන්.




