EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Orang Kaya Baru (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Nova Meli, Ody C. Harahap, Resi Eche Gustaman, Vinsen
Cast
Go Full Cast PageOrang Kaya Baru (2019) | සිංහල උපසිරැසි සමඟ
දුප්පත් කමින් මිරිකිලා, හැබැයි ජීවිතේ අත්‍යාවශ්‍ය හැමදේම ලැබිලා ඉඳලා, එකපාරටම ලොකු පෝසතුන් වුනොත්, මොකද කරන්නේ? හිතාගන්න බෑ නේද? ගොඩාක් අය, තමන්ට කරගන්න බැරිව හිටපු හැමදේම එකපාර කරගන්න බලයි, තවත් අය තමන්ට ලබා ගන්න බැරිව හිටපු දේවල්, ලබාගන්න බලයි, තවත් අය තමන්‍ගේ බලය පෙන්වන්න අවියක් විදියට පාවිච්චි කරයි. මම අද මේ ගෙනාපු චිත්‍රපටියේ තියෙන්නෙත්, ඒ වගේ සිදුවීමක් ගැන.
එක දුප්පත් පවුලක් තියෙනවා, අම්මා තාත්තා සමඟින් දුවයි පුතාලා දෙන්නයි, සතුටින් සාමදානයෙන් ජීවත්වෙන. දරුවන්ට හොඳ පාසලක උගන්වන්න මේ දෙමාපියෝත් සිහින දැක්කා, ඒ සිහිනය සැබෑ කරගත්තා. හැබැයි, මෙයාලාට ලොකුවට මුදල් නෑ. ඒත්, හදිස්සියේම ලොකු මුදලක් ලැබුනොත්, මොකද කරන්නේ? ඒක තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. 2019 අවුරුද්දේ නිකුත් කෙරුණු චිත්‍රපටිය, ඉංදුනීසියාවේ හොඳ ජනප්‍රියතාවයක් ලබාගත්තා.
මේ ඉංදුනීසියානු චිත්‍රපටියේ නම Orang Kaya Baru (2019). සිංහල තේරුම “අළුත් පෝසත්තු”. Ody C. Please විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය Joko Anwar ගේ නිර්මාණයක්. රඟපෑමෙන් දායක වෙනවා, Raline Shah (ටිකා), Mini Cut (අම්මා), Lukman Sardi (තාත්තා), Fatih Unru (ඩොඩි) ඇතුළු පිරිසක්.



