CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2403 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Nightmare Alley (2021) Sinhala Subtitles

Nightmare Alley (2021) Sinhala Subtitles

Dec. 02, 2021United States150 Min.
Your rating: 0
8 1 vote
Nightmare Alley (2021) | නපුරු සිහින පටු මාවත. [සිංහල උපසිරසි] 18+

Nightmare Alley (2021) Sinhala Sub
Nightmare Alley (2021) Sinhala Subtitle
Nightmare Alley (2021) Sinhala Subtitles

 

ඔන්න එහෙන අරගෙන ආවා 2021 වසරෙ නිකුත් උන තවත් සුපිරියක්. IMDB 7 යි. කුණූ තක්කාලි 80 %, ඔස්කාර් නිර්දේශිතයි, සත්‍ය සහ බොරුව, මිත්‍යාව සහ විද්‍යාව, මායාව සහ යථාර්ථය , මනුෂ්‍යත්වය සහ අමනුෂ්‍යත්වය ,පුද්ගලභාවය සහ සමාජය ගැන එකවර උගන්වන පාඩමක් වගේ. මේ චිත්‍රපටය. මාරම ලස්සනයි . කතාව ගලාගෙන යන ආකාරය. කතාව මේ විදිහට වේවි, මේ විදිහට ඉවරවෙයි කියල අපට කලින් ඉඟිකර ගත හැකි වුනත් ඉතාම රහට නිම කරල තියෙනවා.

මේ චිත්‍රපටිය අපිට උගවන්නවා මිනිසුන්ගේ දුක අල්ලල, තමන්ගෙ බඩ වියත සවි කරගන්න හොඳ නෑ කොතනකදිවත්. ඒක යාදෙන්නෙ නෑ, පටිසන් දෙනවමයි. නමුත් වර්ථමානයේ පමණක් නොවේ අතීතයේ පටන් එහෙම තමා ඇවිත් තියෙන්නෙ මේ සමාජක්‍රමය. පහසුවෙන් මුදල් උපයන ක්‍රම මිනිස්සු හොයා ගන්නවා, ඇඟ නොවෙහෙසවා මුදල් උපයන ක්‍රම සොයාගන්නවා, බොරුවෙන්, වංචාවෙන් තමා බහුතරයක් ඒ කෙටි ක්‍රම සමන්විත වෙලා තියෙන්නෙ.

මිනිහෙක්ගෙ දුක දුටු තැන වල ඉහගන්න එක දැං රැල්ලක් වෙලා. මේ සමාජය තුල වේගයෙන් දුක වේදනාව මිනිසුන් තුල පැලපදියම් වනවා වැඩියි, මොකද මිනිස් අවශ්‍යතා වැඩියි, ඒවා සපුරා ගන්නට දුවන වේගය වැඩියි සේම තරඟයත් වැඩියි..ඉතිං පරාජය වෙනවාත් වැඩියි..ඉතිං දුකත් වැඩියි. අන්න ඒ වෙලාව එනතුරු බලාගෙන ඉන්න ලේ බොන කූඬැල්ලො වගේ පිරිසක් ඉන්නවා..මම සහනයක් වෙන්නම් කියල..ඒ අය හොඳට පුරුදු පුහුණු වෙලා ඉන්නෙ අනුන්ගෙ දුක සමනය කරන්නම. නමුත් අවසානයේ ලේ බීලමයි යන්නෙ. මේ උපහැරණ ටිකට සරිලන සිනමාත්මක නිදසුනක් තමා මේ චිත්‍රපටය.

මේ විජ්ජාව සමාජගත කරන්නට Bradly Cooper, Cate Blanchett , Rooney Mara , Ron Perlman යන විශිෂ්ට නළුනිළි කැලක් දායක වෙනව. ඇත්තටම මේ සිනමාව කියන්නෙත් ඇස් බැන්දුමක් හැබැයි මනස විවෘත කරන, සමාජය පෙලන විජ්ජාවක් නෙමේ සමාජය තාර්කික කරන විජ්ජාවක්. සිනමාව පරිශීලනය කලැයි කියල කවදාවත් පාඩු වෙන්නෙ නෑ. මේ චිත්‍රපටය ඒකට මසුරං උදාහරණයක්.

නපුරු සිහින මාවතක ඔබ යන්නේ ඇයි අධ්‍යක්ෂක Guillermo del Toro (Mexican film director) කියල මෙයා හොදට කියල දෙනවා.එතුමා මේ මයාවන් සමග අති දක්ෂ ලෙස ගනුදෙනු කරන කෙනෙක්. අද්භූත රසය මවනා සුරංගනා කතා තේමාව කරගත් චිත්‍රපට නිර්මාණය කරන මෙක්සිකෝවෙන් බිහිවූ චිත්‍රපට අධ්‍යක්ෂ Guillermo del Toro ගේ චිත්‍රපට කොපමණ ප්‍රමාණයක් ඔබ නරඹා තියෙනව ද?

The Devil’s Backbone 2001

Blade II 2002

Hell boy 2004

Pan’s Labyrinth 2006

Hell boy II: The Golden Army 2008

Pacific Rim 2013

Crimson Peak 2015

The Shape of Water 2017

අනික එතුමාට මේ ඔස්කාර් රාත්‍රීන් අලුත් නෑ. මෙවර මායාවට වැඩිම බරක් නොදී සමාජ යථාර්ථය සමග සමාන්තරව ගමන් කරන මායාවෙ මිත්‍යාව හෙලි කිරීමක් තමා අධ්‍යක්ෂවරයා කරල තියෙන්නෙ. චිත්‍රපටියෙ අවසානෙ හරි රහට ඉවර කරල තියෙනවා. එහෙනම් ජය වේවා..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලක්ෂාන් (Baiscopelk)
IMDb 7 /10 140,126 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Bradley Cooper isStanton 'Stan' Carlisle
Stanton 'Stan' Carlisle
Rooney Mara isMary Margaret 'Molly' Cahill
Mary Margaret 'Molly' Cahill
Cate Blanchett isDr. Lilith Ritter
Dr. Lilith Ritter
Toni Collette isZeena 'Zeena the Seer' Krumbein
Zeena 'Zeena the Seer' Krumbein
Willem Dafoe isClement 'Clem' Hoatley
Clement 'Clem' Hoatley
Richard Jenkins isEzra Grindle
Ezra Grindle
Mary Steenburgen isMrs. Kimball
Mrs. Kimball

Similar titles

Predator (1987) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Greatest of All Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape Room (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Iron Man 3 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Emancipation (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arunachalam (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Big Stan (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Attraction 2 Invasion (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kumari 21F (2015) Sinhala Subtitle  | සිංහල උපසිරැසි
Padi Padi Leche Manasu (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin Part I: Origins (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bheemante Vazhi (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published