EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

No Country for Old Men (2007) | තණ්හා.. ආශා..!

බහුත‍රයක් දෙනා බලල ඇති කියල හිතන ෆිල්ම් එකක් ගැන මේ කියන්න යන්නෙ.. මේක බොහොම සාමාන්‍ය කතාවක්. මුදල් පසුපස යන දෙන්නෙක් ගැනයි කතාව. ඒ උනත් ප්‍රධාන සිද්ධියෙන් පස්සෙ තමයි කතාවෙ වැදගත්ම හ‍රිය තියෙන්නෙ..

මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ.. එක්ත‍රා භයානක මිනීමරුවෙක් පොලිස් නිළධාරියෙකුත් ම‍රල පැනල යනව.. දැන් වෙනත් සිද්දියක්.. එක්ත‍රා පුද්ගලයෙක් කාන්තාරයේ සතුන් දඩයම් ක‍රමින් ඉන්නව.. ඔහු සතෙක්ට වෙඩි තිබ්බත් ඒ සතා මැරෙන්නෙ නෑ.. උගේ ලේ පාර දිගේ යනකොට මොහුට දකින්නට ලැබෙනව ජීප් වගයක් නවත්තල තියෙන බව.. මොහු මේ ළගට ගියාම දකිනව සැමතැනම මිනී විසිරී ඇති බව.. ඔහු මේ වාහන ප‍රීක්ෂා ක‍රල බලනකොට දකිනව මේවයේ මත් කුඩු තියෙන බව.. එක් වාහනයක සිටිනව පණ අදිමින් සිටින මිනිසෙක්.. මොහු ඒ පුද්ගලයා ගැන වැඩිය හිතන්නෙ නෑ ඒ මොහොතෙ.. තවත් වට පිට බලනකොට ඔහු දකිනව ඉතා විශාල මුදල් ප්‍රමාණයක් අඩංගු බෑගයක්.. සියල්ලම එහෙම තියෙද්දි ඔහු මේ බෑගය අරන් ගෙද‍ර යනව.. නමුත් නින්දට ගියාම ඔහුට මතක් වෙනව අර පණ අදිමින් සිටි මිනිසාව.. මොහු වතුරත් අරගෙන ඒ පුද්ගලයා බලන්න යනව.. ඔහුට එතනදි මුහුණ දෙන්න වෙන්නෙ ලොකු ක‍රද‍රයකට.. ඒ මොකද්ද කියල බලන්න ඕන නම් බලන්න වෙයි මේ ෆිල්ම් එක!

ඇත්තටම මේ ෆිල්ම් එකේ සල්ලි පසුපස හඹායාමටත් වඩා වැඩි දෙයක් තියෙනව.. Crime, Drama, Thriller, Action ආදී ලෙස වර්ගීක‍රණය ක‍රන්න පුලුවන්, හොඳ ෆිල්ම් එකක්!

මේ වනවිට ලොව හොදම චිත්‍රපට අතුරින් 139 වෙනි ස්ථානය හිමි, ඔස්කාර් සම්මාන 4ක් හා තවත් සම්මාන 93ක් ලබාගත් මේ චිත්‍රපටය සිංහල උපසිරැසිත් එක්ක නරඹන්න කියලා ආරාධනා කරනවා..!

Comments