EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Nuremberg (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Anna Palinkas, Csilla György, Dora Simko, Hajnalka Vajay, James Vanderbilt
Country:Hungary, United States of America
Year:2025
Subtitle By: දමිදු චතුෂාන් ලියනගේ (දම්මා) (Baiscopelk)
Country: United States
Cast
Go Full Cast Pageබිඳවැටුණු අධිරාජ්‍යයක අවසන් තීන්දුව
Gladiator එකේ මැක්සිමස්ව කාටද අමතක? Russell Crowe කියන්නේ නළුවෙක් නෙවෙයි චරිතයක්. එතකොට Mr. Robot, Bohemian Rhapsody බලපු අයට Rami Malek ගැන අමුතුවෙන් වර්ණනා කරන්න ඕන නෑනේ. ඉතින් මේ රංගන දැවැන්තයෝ දෙන්නා එකම ෆිල්ම් එකක, එකිනෙකාට විරුද්ධව ගැටුනොත් කොහොම තියෙයිද? අන්න ඒ අත්දැකීම තමයි 2025 දී එන Nuremberg චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන් වෙන්නේ. මේක නිකන්ම යුද්ධ ෆිල්ම් එකක් නෙවෙයි, ඇඟට දැනෙන සුපිරිම Psychological Drama එකක්.
කතාව මෙහෙමයි… දෙවැනි ලෝක යුද්ධය ඉවරයි. ලෝකෙම භීතියට පත් කරපු නාසි නායකයෝ දැන් ඉන්නේ මිත්‍ර පාර්ශවයේ හිරභාරයේ. ලෝකෙම බලාගෙන ඉන්න “නියුරම්බර්ග් නඩු විභාගය” පටන් ගන්න කලින්, මේ සිරකරුවන් නඩු විභාගයට මුහුණ දෙන්න සුදුසු මානසික මට්ටමක ඉන්නවද කියලා බලන්න ඇමරිකානු හමුදාවේ මනෝ වෛද්‍යවරයෙක් (Rami Malek) එනවා. එතනදි ඔහුට හම්බෙනවා හිට්ලර්ගේ දකුණු අත වගේ හිටපු, අතිශය භයානක සහ අහංකාර නාසි නායකයා ‘Hermann Göring’ (Russell Crowe) ව. මේක හිරගෙයක් ඇතුලේ සිද්ධ වෙන මාරාන්තික “Mind Game” එකක්. වෛද්‍යවරයා උත්සාහ කරන්නේ මේ අපරාධකාරයාගේ ඔළුව ඇතුලේ වැඩ කරන විදිය හොයාගන්න. හැබැයි ඒක ලේසි නෑ. මොකද Göring කියන්නේ ලේසියෙන් අල්ලන්න පුලුවන් චරිතයක් නෙවෙයි. වචන වලින් කරන මේ යුද්ධයෙන් දිනන්නේ කවුද? යකෙක් එක්ක ගනුදෙනු කරන වෛද්‍යවරයාට තමන්ගේ මනුස්සකම බේරගන්න පුලුවන් වෙයිද? ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නේ.
Russell Crowe සහ Rami Malek මූණට මූණ බලන් කරන රංගනය තමයි මේ ෆිල්ම් එකේ ලොකුම ගැම්ම. ඒ වගේම Michael Shannon ත් මේකට සම්බන්ධයි. ඉතිහාසය, ත්‍රාසය සහ මනෝවිද්‍යාව එකට කැටි වුනු, වෙනස්ම රහක ෆිල්ම් එකක් බලන්න කැමති අයට සුපිරිම භාණ්ඩයක්.
අවවාදයයි : මේක වෙඩි තියාගන්න Action Film එකක් නෙවෙයි… මේක බුද්ධියෙන් බලන්න ඕන ෆිල්ම් එකක්. දෙබස් සහ රංගනය තමයි ප්‍රධාන. ඒ නිසා ෆිල්ම් එකේ ගැඹුර තේරුම් ගන්න පුලුවන්, Quality කතාවක් හොයන අය විතරක් බලන්න.











