EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
One Life (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageOne Life (2023) | බලාපොරොත්තුවේ ගමනක්
ඉතින් මුලින්ම කියන්න ඕනි, මේක සත්‍යම කතාවක් පදනම් කරගෙන කරපු නිර්මාණයක් සහ ඕනිම කෙනෙක්ට බලන්න පටන් ගත්ත වෙලේ ඉදන් එපා වෙන්නෙ නැතිව අවසානය වෙනකල් බලන්න හිතෙන චිත්‍රපටයක් කියන එක තමයි මගේ නම් අදහස වෙන්නෙ.
ඒ කොහොම වුනත් මේ චිත්‍රපටයට IMDb 7.6ක ඉහල අගයක් අරගත්ත නිර්මාණයක්. මේ කතාවෙ කතා නායකයා වෙන්නෙ නිකල්ස් වින්ටන් කියන පුද්ගලයා. දෙවන යුද්ධ කාලේ මේ නිකලස් වින්ටන් කියන පුද්ගලයා සහ, ට්‍රෙවිස් චැඩ්වික්, ඩොරීන් වොරිනර්, බියෙට්‍රිස් වැලින්ග්ටන් සහ බිල් බර්සෙට් (පුවත්පත් වාර්තාකරුවෙකු ) කියන අය එකතු වෙලා මේ අසරණ වුන චෙකොස්ලෝවැකියාවේ ළමයින් බේරගත්තා කියලා වාර්තා වුනත් කුමක් හෝ හේතුවකට බියෙට්‍රිස් සහ බිල් පිලිබද චිත්‍රපටයට එකතු නොකිරීම එක් අතකින් අඩුපාඩුවක් නැතිනම් අසදාරණයක් විදියට මම දකිනවා. කොහොම වුනත්, බිල් විසින් පත්තර වාර්තා ලියමින් මෙම ගලවා ගැනීම සදහා අරමුදල් එකතු කිරීමටත්, දරුවන් හදා වඩා ගැනීම වෙනුවෙන් පවුල් සෙවීමටත්, බියෙට්‍රිස් විසින් ප්‍රාග් සිට ළමයින් ඉවත් කරගැනීමටත් කටයුතු කර බව මේ පිළිබද විස්තර සෙවීමේ දී මට හමු වූ තොරතුරු ඔයාලගෙ දැනුම වෙනුවෙන් මේ විදියට ලියලා තියන්නම්.
ඉතින් යාලුවනේ අද වැනි දියුනු තාක්ෂනයක් නැතිවත් ඔහුගෙ අප්‍රතිහත කැප වීමෙන් අනිත් අයගෙත් උදව් ඇතිව වාසනාවන්ත ළමයි 669ක ජීවිත බේරා දුන්න අතරෙ චෙකොස්ලෝවැකියාවේ විතරක් තවත් දහස් ගනනක් ළමයින් එදා පුංචි කාලෙදිම ජීවිතයෙන් සමු ගන්න ඇති.
කොහොම වුනත් ගොඩක් අය දන්න විදියට මේ කතාව එලියට එන්නෙ නිකල්ස් වින්ටන්ගෙ පොතක් නිසා. ප්‍රාග් වල මතක එක්ක එයා හදලා තිබුන පොතක් නිසා මේ හැමදේම එලියට එන්නෙ එයාගෙ බිරිද නිසා. එතකන් මේ ධෛරමත් මිනිසා ගැන කාලයේ වැලි තලාවෙන් යට වෙලයි තිබුනේ.
කොහොම වුනත් පසු කාලයේ මේ ළමයින් චෙකොස්ලෝවැකියාවෙ සිට ලන්ඩන් දක්වා ප්‍රවාහනය චෙක් කින්ඩර් ට්‍රාන්ස්පෝර්ට් කියලා තමයි ප්‍රසිද්ධ වුනේ. අවාසනාවකට 1939 සැප්තැම්බර් දෙවන ලෝක යුද්දෙ පටන් ගැනීමත් සමග මේ ක්‍රියාවලිය නවතිනවා. ඉතින් බේර ගන්න තිබුන තවත් ජීවීත කීයක්නම් විනාස වෙන්න ඇද්ද?
- 1909 දි තමයි නිකලස් වින්ටන් උපත ලබන්නෙ.
- 1938 දෙසැම්බර් වල තමයි වින්ටන් ප්‍රාග් වලට යන්නෙ එයාගෙ යාලුවට උදව්වෙන්න.
- 2003 දි එළිසබෙත් මහ රැජිනගෙන් නයිට් පදවිය ඇතුලු සම්මාන රැසක් ලබාගන්නවා.
- ඉතින් මේ නිකලස් වින්ටන් මහත්මයා, අවුරුදු 106ක් ආයුෂ විදලා 2015 ජීවිතයෙන් සමුගත්තා.
එහෙනම් කතාව බලන්න.











