CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Prisoner of War (2025) | “යුධ සිරකරුවාගේ මෙහෙයුම”

 

යාල බලල ඇති 2010 කාල වගේ ආපු Prisoners of War, TV Series එක. හැබැයි ඒකට වඩා මේක කතාව වෙනස්. මේක ගලාගෙන යන්නෙ 1942 පිලිපීන දූපත් අල්ලගන්න ජපන්නු කරපු මාරක මෙහෙයුමේ දි යුධ හිරකාරයො විදියට අල්ලගත්තු බටහිර හමුදාකාරයො පිරිසක් වටේ…

ඉතින් මේකෙ ප්‍රධාන චරිතෙ රගපාන Scott Adkins කියන්නෙ ඇත්ත ජීවිතේදි පවා සටන් කලාව ප්‍රගුණ කරපු කෙනෙක්. මේ කතාවෙන් අපි නිතරම දකින ඕනාවට වඩා ලේ පෙරාගෙන, අසාමාන්‍ය විදියට කරන සටන් වලට වඩා සටන් ක්‍රම වලට අනුගත වෙච්ච සුපිරි අවස්ථාගොඩක් තියෙනවා.

ඊට අමතරව ජපන් හමුදාවෙ යුධ නීතී වලට අනුගත නොවූ වද දීමේ පිළිවෙලවල් සහ යුධ සිරකරුවො ටික මේ හිර කදවුරෙන් පැන ගන්න ගහන සැලැස්ම Interesting විදියට කතාවෙන් පෙන්නල තියෙනවා.  Action සහ Adventures වලට කැමති කෙනෙක් නම් මේක බලන්නම ඕන එකක්…

Comments

November 26, 2025

❤️