EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Operation Fortune: Ruse de Guerre (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload Sub Error Fixed
Director:Guy Ritchie
Cast
Go Full Cast PageOperation Fortune: Ruse de Guerre (2023) | ආයුධ තාක්‍ෂණය
දින කිහිපකට කලින් ලබාදුන් පිටපතේ තිබු උපසිරැසි පරිවර්තන දෝෂ නිවරදි කර නැවත ලබාදී ඇත.
2023 ජනවාරි 13 Release කරපු මේ චිත්‍රපටයේ ප්‍රධාන නලුව වෙන්නෙ Jason Statham. පොරගෙ Films බලපු කෙනක් කවදාවත් අලුතෙන් එන කිසිම Film එකක් මගාරින්නෙනම් නෑ. මොකද බොසාගෙ එකක් කියන්නෙ අනිවා පිස්සු හැදෙන Action Film එකක් තමා. ඒ වගේම Aubrey plaza ,Hugh Grant ,Josh Hartnett , Cary Elwes අය රංගනයෙන් දායක වෙනවා. මේක අද්‍යක්ශනය කරල තියෙන්නෙ King Arthur ( 2017 ) , Aladdin ( 2019 ) , Sherlock Holmes ( 2009 ) / ( 2011 ) වගේම Jason බොසාගෙම සුපිරියක් වෙච්ච Wrath Of Man ( 2021 ) අද්‍යක්ශනය කරපු Guy Ritc hie. Miramax , STX Entertainment ආයතන දෙක නිශ්පාදන පැත්තෙන් ප්‍රමුඛ වෙලා ඩොලර් මිලියන 50 ක් යට කරලා හැදුව මේ Film එක සමස්ත ආදායම ඩොලර් මිලියන 35.8 ක ආදායමක් ගරන්න පුලුවන් වෙනවා. පැය 1 විනාඩි 54 ක් ඇතුලේ සුපිරිම Action , Comedy එක්ක Imdb 6.5/10 කුත් කුනු තක්කාලි 50 •/• අරගන්න මේ චිත්‍රපටය සමත් වෙනවා.
කතාව පැත්තට ගියොත් හමුදාවෙ දැඩි ආරක්ශාවක් යටතෙ තිබුන ආයුධ වගයක් සෙට් එකක් පැනලා හොරකම් කරනවා. ඒත් මේකෙ ප්‍රධානීන්ටවත් හිතාගන්න බෑ මේ සෙට් එක ඉස්සුවෙ මොනාද කියල. මේ හොරකම් කලේ මොකද්ද ඒ හොරකම් කරපු දේ ආයෙත් ගේන්න එයාලා තෝරගන්නවා ඕර්සන් ෆෝර්චූන් කියන ඔත්තුකාරයව. එයා යටතේ ඉන්න සුපිරි කන්ඩායමක් එක්ක වැඩේට බැහැල හොරකම් කරපු ආයුධය හොයන Mission එක තමා මේ කතාව පුරාවට තියෙන්නෙ. ඔයාලා හිතන්නෙ මේ සෙට් එකට මේක හොයාගන්න පුලුවන් වෙයි කියලද? ඒක දැනගන්න මේක අනිවා බලන්න.
කහ කියන්නෙ පාටක් !! රත්තරන් කියන්නෙ සෙල්ලමක් !!











