EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Paappan (2022) Sinhala Subtitles | “පාප්පන්” | සිංහල උපසිරැසි සමඟ

(Paappan (2022) Sinhala Sub , Paappan (2022) Sinhala Subtitle , Paappan (2022) Sinhala Subtitles)

Suresh Gopi , Neeta Pillai , Gokul Suresh , Ajmal Ameer , Malavika Menon , Nyla Usha , Aasha Sharath , Manasa Radakrishnan ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටියට IMDb දර්ශකයේ 7.2 /10 අගයක් ලබාගනිපු Thriller | Drama කාණ්ඩයන්ට අයත් චිත්‍රපටියක් , බොහෝ දෙනාගෙ අදහස වුනේ ළඟදි මලයාලම් සිනමාවෙන් නිකුත් උන Heaven , John Luther වගේ Thriller ෆිල්ම් වලටත් වඩා මේක හොදයි කියන එක….

කතාව පටන්ගන්නෙ මෙහෙමයි , කැලයක් මැද්දෙ මාලු අල්ලන්න යන කොල්ලො 4 දෙනෙක් ඉන්නවා , ඒ යද්දි කැලේ මැද වන දේවතාවුන්ගෙන් ආශිර්වාදගන්න කෙනෙක් නැවතුන වෙලාවක එතන බිම වැටිලා තිබුන ෆෝන් එකක් දකිනවා , ඒ ෆෝන් එක අයිති ප්‍රසිද්ධ නලු රවී වර්මන්ට , ඒත් එක්කම එතන තිබුන ලේ පැල්ලමක් ගැන හොයද්දි එයාලා දකිනවා ගහක එල්ලලා තියෙන මලසිරුරක්…ඉතින් මේ මිනීමරුමෙන් පටන් ගන්න කතාව තවත් ඝාතන කිහිපයක් සමඟ දාම ඝාත⁣කයෙක් වටා ගෙතීගෙන යනවා..ඇත්තටම මේ මිනීමරුම් ක⁣රන්නේ කවුද? මෙහෙම මිනිමැරුම් කරන්න හේතුව මොකද්ද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න..

Thriller කතාවක් නිසා මීටවඩා දෙයක් කියන්න බෑ , ඔයාලට බලන්න ආරාධනා කරමින් අදට අපි සමුගන්නවා…හැමෝටම,

Comments