EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageParanthu Po (2025) | “අන්බුගේ චාරිකාව”
අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ Tamil ෆිල්ම් එකක්. මේ කතාව ගැන කිව්වොත් මධ්‍යම පාන්තික පවුලක් ඉන්නවා. මේ පවුලේ ඉන්නේ තාත්තයි අම්මයි පුතයි. තාත්තගේ නම ගෝකුල්, අම්මා ග්ලෝරි, ඒ වගේම පුතා අන්බු. මෙයාලා ෆ්ලැට් එකක තමයි ඉන්නේ. හැබැයි අම්මටයි තාත්තටයි වැඩ නිසා, වැඩි කාලයක් අන්බු ගෙදර තනියම තමයි ඉන්නේ. අම්මා වෙන පලාතක නැවතිලා සාරි බිස්නස් එකක් කරනවා. ණය කාරයෙක් තාත්තා පස්සේ පන්නනවා.
කොහොමහරි ගෙදර හිරවෙලා වගේ ජීවත් වෙන අම්බුට දවසක් තාත්තා යෝජනා කරනවා රෝඩ් ට්‍රිප් එකක් යන්න. ඉතින් මෙයාලා මේ විදිහට රෝඩ් ට්‍රිප් එක යන්න පටන් ගන්නවා. ෆිල්ම් එකේ අන්තර්ගත වෙන්නේ මේ ට්‍රිප් එක ඇතුලෙදි තාත්තටයි පුතාටයි අත් විදින්න වෙන අත් දැකීම, ජීවිතේට එකතු කරගන්න ලැබෙන වටින දේවල්. ඉතින් මේ දේවල් එක්ක මෙච්චරකල් එයාලා ගෙවපු ජීවිතේ වෙනස් වෙන හැටි.
කතාව කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. ඒ වගේම බලන ඔයාටත් වටින දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒ නිසා අත ඇරගන්නේ නැතුව බලන්න කියලා ආරාධනා කරනවා.



