EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Peddakapu 1 (2023) | බල තණ්හාව

2023 අවුරුද්දේ සැප්තැම්බර් 29 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ Drama/Action කියන Category එකට..ප්‍රධාන නළුවා වෙන්නෙ Virat Karrna..මෙයා නම් ටිකක් නුහුරු ඇති..මොකද මේක තමයි කොල්ලගෙ පලවෙනි ෆිලුම.. වැඩේට සාධාරණයක් කොල්ල කරාද නැද්ද කියල ඔයාලම බලන්නකෝ… ඒත් අනික් Cast එක නම් හැමෝම වගේ දන්න කියන තෙලිගු නළු නිලියන් පිරිසක්..අනික මේකෙ පාර්ට් 2 එකකුත් එයි.. මොකද මේකෙ නම් කරල තියෙන්නෙ පාර්ට් 1 කියල..

Cast
Virat Karrna as Peddha Kapu
Pragathi Srivatsava
Rao Ramesh as Satya Rangaiah
Tanikella Bharani
Nagendra Babu as TDP-in-charge
Vikas Muppala as Leela
Brigida Saga as Lakshmi

මේ ෆිලුම සම්පුර්ණයෙන්ම දුවන්නේ එක්තරා ගමක් ඇතුලෙ.. අද ටීවී එකක්‌ බැලුවත් පත්තරයක් බැලුවත් වැඩිහිටියෝ දෙන්නෙක්ගෙ කතාවක් අහගෙන හිටියත් මේ මාතෘකාව තමයි නිතරම ඇහෙන්නේ..
ඒ ගොඩක් අය කතා කරන්න අකමැති ඒත් අපි කතා කරන්න ඕන මාතෘකාවක්‌ වෙන “දේශපාලනය”..

එක්තරා ගමක නම්බුකාර කොටින්ම කියනවා නම් මැරයෝ දෙන්නෙක් දෙපැත්තට බෙදිලා බලය ලබාගන්න දගලන දැගලිල්ල තමයි ගොඩක්ම පෙන්නන්නේ…ඒවගෙන් තැලෙන්නේ පොඩි වෙන්නෙ මේ ගමේ මිනිස්සු..
ඔන්න ඔය අතරේ සිදුවෙන මිනීමැරුමක් නිසා ඒ අතරට “පෙද්දකපු” කියන කොන්ද කෙලින් තරුණයා මැදිහත් වෙලා මිනිස්සු වෙනුවෙන් හඩක් නගන එක තමයි කෙටියෙන්ම මේ ෆිලුමේ වෙන්නේ..

දේශපාලනය කියලා කිව්වට ෆිලුමේ රහක් නැත්තෙමත නැති වෙයි කියල හිතන්නත් එපා ඉතින්… මේ ටයිප් ෆිල්ම් බලන්න ආස ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනව මේ ෆිලුමත් බලන්න කියලා..

Comments

October 28, 2024

❤️👍