CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1816 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Perusu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Perusu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 14, 2025India125 Min.
Your rating: 0
8.3 32 votes
Perusu (2025) | රට වැටුනත් කුළුණ කෙලිං

 

ඔන්න මං අද අරං ආවේ අපේම අධ්‍යක්ෂකවරයෙක් කරපු දමිල සිනමාපටයකට උපැසිරැසි රැගෙන. මේක තමා මගේ මේ අවුරුද්දේ ආපු ෆිල්ම් එකකට කරන පලවෙනි උපසිරැසිය.

ෆිල්ම් එකේ දුක සතුට ඔක්කොම කැටි වුන හාස්‍යජනක ගනයට අයත් ෆිල්ම් එකක් තමා මේක. මේක අධ්‍යක්ෂනය කලේ අපේ අධ්‍යක්ෂකවරයෙක් වෙන Ilango Ram. දැං ඉතිං හැමෝම දන්නවා ඇති නේ ඒ කවුද කියලා. මේ දවස් වල ඉතාම සාර්ථ්ක ලෙස තිරගත වෙන “නෙළුම් කුලුණ” චිත්‍රපටයේ අධ්‍යක්ෂම තමා, ඉතිං මේ ෆිල්ම් එකේම Remake එකක් තමා මේ ෆිල්ම් එක. හැබැයි ඒ ෆිල්ම් එකයි මේකෙයි පොඩි වෙනස්කමක් තියෙනවා.

සිංහල ෆිල්ම් එකේ නං රගපාන්නේ කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තුසිත ලක්නාත්, රංජිත් පනාගොඩ යන නළු නිලියන්. සිංහල ෆිල්ම් එකේ නමට දාලා තියෙන ඉංග්‍රිසි නම තමා Tentigo කියලා. ඒක ලිංගිකත්වය ගැන කියවෙන නමක්. සිංහල ඩිල්ම් එක නං ඩාර්ක් කොමඩි ගතියට තියෙන ෆිල්ම් එකක්. ඔයාලාම බලන්නකො ෆිල්ම් දෙකේ වෙනස මේ ෆිල්ම් එකත් බලලා

මේ දෙමල ෆිල්ම් එකේ රගපාන්නේ Vaibhav, Sunil Reddy, Niharika NM, Bala Saravanan, Redin Kingsley, Chandini Tamilarasan තමා මේකේ රගපාන්නේ. මේකෙ රගපානේ ඇත්තටම අයියා මලෝ දෙන්නෙක් ඒ Vaibhav හා Sunil Reddy. මේ ෆිල්ම් එකේ Title පෝස්ටර් එක එලිදැක්වූවේ හොදම දමිල අධ්‍යඛ්සකවරයෙක් වෙච්ච Lokesh Kanagaraj විසින්. ඒ වගේම මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරන්නේ Karthik Subbaraj ගේ Stone Bench Films ආයතනයෙන්.

නෙට්ෆ්ලික්ස් වලිං පෙන්නපු ලංකාවේ මුල්ම ෆිල්ම් එක තමා අශෝක හඳගම අධ්‍යක්ෂනය කරපු “ඇගේ ඇස අග” සිනමාපටය. නමුත් මං හිතන්නේ ඒක විකාශනය වුනේ සති ගානක් විතරයි. එතකොට මේක තමා නෙට්ෆ්ලික්ස් වල වැඩි කාලයක් පවතින්න යන ලංකාවේ අධ්‍යක්ෂකවරයෙක් කල පලවෙනි සිනමාපටය වෙන්න යන්නෙ.

මං මෙ ෆිල්ම් එකේ කතාවා කියන්න යන්නෙ නෑ, ඔයාලම බලලා කියන්නකො. සිංහල ෆිල්ම් එකයි මේකෙයි අතර වෙනස. ඒ වගේම මේ ෆිල්ම් එක කරන්න මට සෑහෙන්න නැහෙන්න උනා. මේකේ කියන ඩයලොග් ගොඩාක් ඒවා මට හරියට ඇහෙන්නේ නෑ. තප්පර දෙක තුනට ඩයලොග් පේලියක් යනවා ඉතිං මං VLC Player එකට දාලා ස්පීඩ් එක අඩුවෙන්ම දාලා අහලා තමා සබ් එක කරන්න ගත්තේ. සමහර විට අඩුපාඩු තියෙන්න පුළුවන්.

ඒ වගේම මේක මං නං කියන්නෙ දෙමල ටිකක් දන්න කෙනෙක්ට තමා ගොඩාක් හිනායන දේවල් තියෙන්නේ. මොකද ඒ දෙමල වචන වල උත්ප්‍රාස රසය එක්ක කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ එකම වචනෙන් අකුරු වෙනස් වෙලා තේරුම එහා මෙහා ගිය ගමන් තේරුම වෙනස් වෙනවා. ඒක ඉතිං සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කලාම හිනායන්න තරං දෙයක් නෑ වගේ පෙනේවි. ඒ හිංද අමට පුලුවන් විදියට මං ඒ දමිල වචනෙත් දාලා තියෙනවා. 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිදු හේෂාන් (Baiscopelk)
IMDb 7.9 /10 791 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ilango Ram
Director

Cast

Vaibhav isDuraikannu
Duraikannu
Sunil isSamikannu
Samikannu
Munishkanth isSingaram Chithappa
Singaram Chithappa

Similar titles

Kuri (2022) Sinhala Subtitles | “බෙට්සි” | සිංහල උපසිරැසි සමඟ
The Lego Batman Movie (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yevam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parasite (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Butterfly (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
We Can Be Heroes (2020) With Sinhala Subtitles
Handsome Guys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vanvaas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mr. Local (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vivaha Bhojanambu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Addams Family (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sahara (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published