CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4832 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
Peter Rabbit 2: The Runaway (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Peter Rabbit 2: The Runaway (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 25, 2021United States93 Min.
Your rating: 0
0 votes
Peter Rabbit 2: The Runaway (2021) | පීටර් ඇත්තටම නරකයිද?

මේ කතාවෙ පළමු කොටස තාමත් බැලුවෙ නැත්නම් ඒක මුලින් බලලා ඉන්න. Peter Rabbit (2018) එතකොට ලොකු අදහසක් ගන්න පුළුවන් මේ කතාවෙ ඉන්න චරිත ගැන. හරි දැන් අපි කතාවෙ මුල් කොටස ටිකක් මතක් කර ගමු. මේකෙ ඉන්නෙ ලන්ඩන් වලින් ටිකක් පිටිසර පළාතක ජීවත් වෙන තරුණ කාන්තාවක් සහ එයාගෙ ගෙදර ගාවම ජීවත් වෙන හාවො පවුලක් සහ අනිකුත් සත්තු පිරිසක්. මෙයාලාගෙ දඟකාරකම් වලින් වැඩියෙන්ම මෙයාලා ප්‍රසිද්ධ, අල්ලපු ගෙදර ඉන්න මැක්ග්‍රෙගර් සීයාගෙ ගෙවතු වගාවෙන් එළවළු පළතුරු හොරකම් කරන එක. ඉතින් මේ හැමෝගෙම වාසනාවට මැක්ග්‍රෙගර් සීයා මැරිලා ගියාට එයාගෙ මුණුබුරෙක් එනවා ගෙදර අයිතිය ලැබුණට පස්සෙ. එතන ඉඳන් තමයි ඉතින් මේ තෝමස් කියන පුතයි හාවො ටිකයි හොඳටම රණ්ඩු වෙන්න ගන්නෙ. ඒ අස්සෙ ඉතින් බී කියන මේ තරුණ කාන්තාව හාවොන්ගෙ චිත්‍ර ඇඳින අතරේ තෝමස් එක්ක ආදරයෙන් බැඳෙනවා. ලොකු ලොකු සිද්ධි ගොඩක් ඇති වෙනවා මතක ඇති කතාව බලපු අයට. ඒත් ඉතින් කතන්දර පොත් වල වගේ අවසානයේ සියල්ලෝම සතුටින් ජීවත් උනා කියන එකෙන් තමයි මේ කතාවත් ඉවර වෙන්නෙ. ඔන්න ඔහොම ඉවර උන පළවෙනි කතාවෙන් අවුරුදු 3 කට පස්සෙ තමයි දෙවැනි කතාව එළිදක්වන්නේ. ඇත්තටම මේක මීට කලින් නිකුත් වෙන්න තිබුණට කොරෝනා වසංගතය එක්ක කල් ගිහින් ඔන්න අපි ආසාවෙන් බලන් හිටපු දෙවැනි කොටස නිකුත් උනා. කැමරා කොපි පිටපත නිකුත් වෙලා සතියකටත් වැඩි උනාට හොඳ පිටපතක් නිකුත් වෙලා තවම දවස් 3,4ක් ඇති. බියට්‍රික්ස් පොටර් විසින් රචිත, බ්‍රිතාන්‍ය ළමා කතාන්දරයක් වන පීටර් නම් හාවාගේ ජීවිතය පදනම් කොට ගෙන නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය පොඩිහිටි වැඩිහිටි සැමට බොහොම විනෝදයෙන් නරඹන්න පුළුවන් රසවත් කතාවක්. 1902 වර්ෂයේ රචිත මෙම කතාන්දරයේ දෙවැනි කොටසේ සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා මං කියන්න යන්නෙ නෑ. ඒකට ඔයාලට ඒ කුතුහලය ඉතිරි කරන්නම්. හැබැයි ඉතින් කලින් වගේම බඩ අල්ලන් හිනා වෙන්න පුළුවන් තැන් වගේම ඇහැට කඳුලක් උනන සංවේදී අවස්ථාද නැතුවාම නෙවෙයි. පවුලක දරුවන් හා දෙමව්පියන් අතර බැඳීම, සහෝදර සහෝදරින් අතර බැඳීම, අනෙකා වෙනුවෙන් තමන්ගෙ දිවි පරදුවට තියන්න උනත් කැපවෙන හැටි පොඩි පොඩි සිදුවීම් හරහා මනාව පැහැදිලි කරන්න අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායම සමත් වෙලා තියෙනවා. විවාහ මංගල්ලයකින් තමා කතාව ආරම්භ වෙන්නෙ. දන්නවනේ ඉතින් කවුද මනමාල ජෝඩුව කියලා. මේ දෙවැනි කතාංගය IMDb ශ්‍රේණිගත කිරීම් වල 6.2 ක් සහ Rotten Tomatoes වල 67% ක් ලෙස මනාප ලබා ගන්න සමත් වෙලා තියෙනවා. 2021 ජුනි මස 11 වෙනි දින ඇමෙරිකාවේදී තිරගත කිරීම ඇරඹුන මෙයද Will Gluck විසින්ම අධ්‍යක්ෂණය කර තිබෙන අතර මේ වන විට ලොව පුරා තිර ගත කිරීමෙන් ඩොලර් මිලියන 127 ක ආදායමක් මේ වන විට තමා සතු කරගෙන තියෙනවා. දවස් ගානක් උපසිරැසිය පරක්කු වෙලා දෙන්න හොඳ නෑනේ. එහෙනම් ඉතින් හැමෝටම බලන්න පුළුවන් මේ කතාව රසවිඳින්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා.

Peter Rabbit 2: The Runaway (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peter Rabbit 2: The Runaway (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peter Rabbit 2: The Runaway (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peter Rabbit 2: The Runaway (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peter Rabbit 2: The Runaway (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peter Rabbit 2: The Runaway (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ෂෙරින් සමාධි ද සිල්වා (Baiscopelk)
IMDb 6.2 /10 4,617 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Will Gluck
Director

Cast

James Corden isPeter Rabbit (voice)
Peter Rabbit (voice)
Domhnall Gleeson isMr. Thomas McGregor
Mr. Thomas McGregor
David Oyelowo isNigel Basil-Jones
Nigel Basil-Jones
Margot Robbie isFlopsy (voice)
Flopsy (voice)
Elizabeth Debicki isMopsy (voice)
Mopsy (voice)
Lennie James isBarnabas (voice)
Barnabas (voice)
Aimee Horne isCotton-tail (voice)
Cotton-tail (voice)
Colin Moody isBenjamin Bunny (voice)
Benjamin Bunny (voice)
Sia isMrs. Tiggy-Winkle (voice)
Mrs. Tiggy-Winkle (voice)

Similar titles

Hanu-Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bigfoot Family (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Not Another Teen Movie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Katteri (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ | Re Uploaded
Army of Darkness (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Puli (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original :  Fantastic Beasts: The Secrets of Dumbledore (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ [Original Quality]
American Pie Presents: Girls’ Rules (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Sorcerer’s Stone (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sarangapani Jathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published