CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
6261 Views

  • Watch trailer
  • Player 01
  • Player 02 480p
  • Player 02 720p
Pinocchio (2022) Sinhala Subtitles

Pinocchio (2022) Sinhala Subtitles

Sep. 07, 2022United States111 Min.
Your rating: 0
9.6 9 votes
Pinocchio (2022) Sinhala Subtitles

(Pinocchio (2022) Sinhala Sub , Pinocchio (2022) Sinhala Subtitle , Pinocchio (2022) Sinhala Subtitles)

 

Pinocchio කියන්නේ හැමෝම දන්න කතාවක්. ‍මේ වෙනකොටත් පිනෝකියෝගේ කතාව චිත්‍රපටි කිහිපයකටම පාදක කරගෙන තියෙනවා. ඒත්, 2022 අවුරුද්දේත් පිනෝකියෝගේ කතාව පදනම් කරගෙන චිත්‍රපටි දෙකක්ම එලි දැක්වෙන්න නියමිතයි. අද මම මේ සිංහල උපසිරැසිය අරගෙන ආවේ, එයින් මිනිස්සු සහ සජීවිකරණ චරිත දෙකම තියෙන චිත්‍රපටියට.

Disney ආයතනය විසින් නිෂ්පාදනය කරපු මේ Pinocchio චිත්‍රපටිය, Carlo Collodi ගේ The Adventures of Pinocchio ළමා කතාව පාදක කරගෙන ලියවුනු එකක්. චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය කරපු Robert Zemeckis සහ Chris Weitz තමයි මේකේ තිර රචනය කලේ. සාමාන්‍ය කතාවම, වෙනස් ආකාරයකට කියන්න පටන් ගන්න මේ චිත්‍රපටිය, අවසන් ව‍න්නේ කිසිවෙකුත් නොසිතන විදියකටයි. අපි බලාපොරොත්තු වුනත් මේක සාම්ප්‍රදායික පිනෝකියෝ කතාවක් විදියට අවසන් වෙන්න, ඒක අවසන් වෙන්නේ එතනින් නෙමෙයි.

රඟපෑමට සහ කටහඬින් දායකත්වය ලබාදෙන්න තෝරග‍ෙන තියෙන්නෙත් හොඳ පිරිසක්. කතාවට ඉතා හොඳ සාධාරණයක් කරන්න මේ සියලු දෙනා සමත් වෙලා තියෙනවා. Benjamin Evan Ainsworth (පිනෝකියෝ – හඬ), Joseph Gordon-Levitt (ජිමිනි රැහැයියා – හඬ), Tom Hanks (ගෙපෙටෝ), Cynthia Erivo (නිල් දේවදූතිය) ඇතුලු පිරිසක්.

මේ චිත්‍රපටියේ වැඩි පිරිසක් නොදකින, සැඟවුණු දේවල් කිහිපයක් ගැන කියන්න හිතුවා. එතකොට චිත්‍රපටිය බලනකොට, මේවා ඇත්තද කියලා දැකගන්න පුළුවන්. ගෙපෙටෝ කියන්නේ ඔරලෝසු කාර්මිකයෙක්. ඔහුගේ ඔරලෝසු කඩේ තියෙනවා, පැයකට වරක් නාද වෙන ඔරලෝසු එකතුවක්. මේවා විශේෂයෙන් හදපුවා කියලා තමයි කියවෙන්නේ. නමුත්, මේ හැම ඔරලෝසුවක්ම, ඩිස්නි සමාගමේ චිත්‍රපටියක් නිරූපණය වෙනවාලු. තව දෙයක්. චිත්‍රපටිය ආරම්භයේදී වගේම විවිධ අවස්ථා වලදී, තරුවකින් කරන ප්‍රාර්ථනාවක් ගැන ගීතයක් ගායනා වෙනවා. මේක ඇත්තටම 1940 දී පළවෙනි පිනෝකියෝ චිත්‍රපටියේ තිබුණු ගීතයක්. ඒ ගීතයම මේ චිත්‍රපටියට යොදාගත්තේ හිතා මතාම කියලායි කියවෙන්නේ.

කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. අපි කවුරුත් දන්නා පරිදි පිනෝකියෝ කියන්නේ ලී වලින් හදපු, රූකඩ කොල්ලෙක්. දේව දූතියක් පැමිණ ඔහුට පණ දෙන්නේ, ඇත්ත දරුවෙක් වෙන්න අවශ්‍ය නම්, සත්‍යවාදී නිර්භීත සහ ආත්මාර්ථකාමී ‍නොවන බව ඔප්පු කර පෙන්වන ලෙස දන්වමින්. පිනෝකියෝගේ හෘද සාක්‍ෂිය ලෙස පත් කරන්නේ, අපේ පොතේ ගුරා, ජිමි නම් රැහැයියාව. පිනෝකියෝ අධ්‍යාපනය සඳහා ඉස්කෝලෙකට යන්න පිටත් වෙන එකෙන් තමයි කතාව ඇරඹෙන්නේ. ඒ පාසල් ගමනේදී සිදුවෙන දේවල් නිසා පිනෝකියෝට සහ පියා, ගෙපෙටෝට මුහුණ දීමට සිදුවන දේවල් දැනගන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. මේ සිංහල උපසිරැසිය සමඟින්, පිනෝකියෝ අලුත්ම චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නිලුෂ හේමාල් අලහකෝන් (Zoomlk)
IMDb 5.1 /10 16,572 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Tom Hanks isGeppetto
Geppetto
Benjamin Evan Ainsworth isPinocchio (voice)
Pinocchio (voice)
Luke Evans isThe Coachman
The Coachman
Cynthia Erivo isBlue Fairy
Blue Fairy
Joseph Gordon-Levitt isJiminy Cricket (voice)
Jiminy Cricket (voice)
Keegan-Michael Key is'Honest' John (voice)
'Honest' John (voice)
Lorraine Bracco isSofia the Seagull (voice)
Sofia the Seagull (voice)
Angus Wright isSignore Rizzi
Signore Rizzi
Jamie Demetriou isHeadmaster
Headmaster

Similar titles

Blood for Dust (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Butterfly Effect (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Diary of a Wimpy Kid (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Havoc (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ. | 18+
Batman vs. Robin (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Name Is Vendetta (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Minions Holiday Special (2020) With Sinhala Subtitles
Hulk (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rogue One: A Star Wars Story (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fortress (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
In the Shadow of the Moon (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wyrmwood: Apocalypse (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(4) comments

  • R Dilshan September 19, 2022 Reply

    🤧Thanks bn 😘

  • හරිත සංකල්ප November 5, 2022 Reply

    ෆුල් එච් ඩී වැඩ නෑනේ…. 🤔

    • Cinesubz November 6, 2022 Reply

      dan hari

  • Niroshan November 4, 2024 Reply

    🖤

Leave a Reply to R Dilshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published