CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2263 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480P
  • Player 04 720P
PM Narendra Modi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

PM Narendra Modi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 24, 2019India135 Min.
Your rating: 0
10 1 vote
PM Narendra Modi (2019) | ලොව හෙල්ලූ තේ කඩකාරයා.

“හා, මං තේ වෙළෙන්දෙක් තමයි, මගේ තේ තමයි මං විකුණ්ණෙ, එයාලා වගේ මගේ රට නෙමෙයි.”

සුභ දවසක්, බයිස්කෝප්වාසී මිත්‍රවරුනි, අද දින මගේ පස්වන උපසිරසි නිමවුමෙන් ඔබ වෙත ගෙන එන්නේ එක්තරා දීප්තිමත් චරිතයක කතා පුවතක්, ඔබ හොඳින්ම දන්නා පරිදි ඒ අන් කිසිවෙක් නොව, අප අසල්වැසි භාරතයේ 14වන අග්‍රාමාත්‍ය, ගරු නරේන්ද්‍ර දාමෝදර්දාස් මෝදි ශ්‍රීමතාණන් පිළිබඳවයි. දාමෝදර්දාස් මූල්චාන්ද් මෝදි නම් සිය පියාණන්ටත්, හිරාබින් මෝදි නම් තම මවටත් දාව, ගුජරාටයේ වඩ්නගර් නම් කුඩා ගම්මානයක අහිංසක තේ පැන් හලකින් ඔහු තම ජීවිත කතාවට අතපොත් තබන්නේ උපන් රට කෙරෙහි අනුපමේය ආදරයකින් බැඳි, දඟකාර, කටකාර කොලු ගැටයෙකු ලෙසයි, සිය ගුරුවරුන් විස්තර කරන අන්දමට පාසලේදී සාමාන්‍ය මට්ටමේ ශිෂ්‍යයෙකු වුවත්, විවාදයට හා රංග කලාවට හෙතෙම රුසියෙකි. කවදත් වාගේ පාසල් යන්නට ප්‍රථම කුඩා මෝදි ගේ රාජකාරිය වූයේ අලුයම වඩ්නගර් ඉස්ටේසමේ හැල්මේ යමින් තාත්තා හදා දෙන තේ ටිකක් විකුණා පනමක් දෙකක් සරිකර ගැනීමයි. කුඩා කාලයේ පටන් ලොකු-වැඩ-කරන්නට, ලොකුවට-හිතන්නට ආශා කළ ඔහුගේ අනාගත බලාපොරොත්තුව වූයේ හමුදා භටයෙකු වීමටය, නැතිනම්, රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංඝයේ (RSS) ස්වෙච්ඡා සේවකයෙකු වීමටය, එසේත් නොමැතිනම්, බ්‍රහ්ම ඉගැන්වීම් ප්‍රකාරව දිවියේ එළැඹීමට නියමිත සන්‍යාසී සමයේදී, හිමාල අරණෙහි වස් වසමින් සාධුචර්‍ය්‍යාවෙහි නියැලීමටය…

ඉතිං යාළුවනේ මුලින්ම මම සමාව ඉල්ලා හිටිනවා මගේ අතින් සිද්දවුණු ප්‍රමාදයට. කැම්පස් එකේ පැවරුම්, විභාග සහ ඒ සම්බන්ධ වෙනත් වැඩ කටයුතුත්, අලුත ගෙනාව Lenovo V15 Gen 11 ලැප් එකෙත්, මාස 5කට පස්සේ ඒකෙ පවට ඒක වෙනුවට ගෙනාව Asus B1500 Gen 11 ලැප් එකෙත් පිට පිට ආපු SSD පලහිලව් (අනේ වනේ වන හතුරෙක්වත් මේ කාලෙ බ්‍රෑන්ඩ් නිව් ලැප්ටොප් හොයන්න එපා, හෙව්වත් මේ සම්ම ජාතියකට Intel IRIS Xe ඒවනම් වැද්දගන්න එපා, කිසිම කොලිටියක් නෑ, Graphic Rendering බෑ, Acceleration නෑ, Sound Driver අන්ත සවුත්තුයි, SSD තිබුණත් ඇති වේගයක් නෑ, 8GB රැම් තිබුණත් වැඩකරද්දි ඉන් බාගයක් නෑ!!!) නිරාකරණය කරගන්න දවසින් දවසට බම්බලපිටිය‌ට දුව දුවා නටපු යුද්දත් නොසෑහෙන්න ප්‍රමාණයක් අහවර වෙලා නිවාඩු පාඩුවේ ඉන්න මට ලැබුණු මේ සති කීපයක කාලය ඇතුළත මොන දානෙකින් හරි ඉවර කරනවයි හිතලා අද රෑ තමයි ඔන්න වැඩේ අහවර වුනේ…

අමුතුවෙන් අටුවා ටීකා ඔ්න වෙන්නෑ 2019යේ මැයි 24 වෙනිදා නරේන්ද්‍ර මෝදි තිරගත වෙනකන් (නෙමෙයි, කොපියක් බාගන්න ලැබෙනකල්) මමත් ඇඟිලි ගැන ගැන හිටපු තරම් ගැන කියන්න. ප්‍රධාන චරිතය වෙන මෝදි ගේ චරිතයට සුපිරි නළු විවේක් ඔබරෝයි විසින් පණපොවන මේ සලරුවේ අති පුළුල් පාත්‍ර වර්ගයා අතරින් අපිට සුරේශ් ඔබරෝයි, මනෝජ් ජෝෂි, දර්ශන් කුමාර්, බෝමන් ඉරානි, කිශෝරි ශහානේ සහ ප්‍රශාන්ත් නාරායන් යනාදී අනර්ඝ නළු නිළියන් කැළක් විශේෂයෙන් දැකබලා ගැනීමට අවස්ථාව ලැබෙනවා. මෝදිගේ චරිතය රඟ දැක්වීමට අමතරව විවේක් ඔබරෝයි අනිරුධ් චව්ලා සහ හර්ෂ් ලිම්බාචියා සමගින් මෙහි පිටපත් රචනයටත් දායක වෙනවා. IMDb වෙබ් අඩවියේ පරිශීලකයන් 8 000කට ආසන්න පිරිසකගෙන් ලකුණු 3.0ක ම්‍ධ්‍යන්‍යයකට හිමිකම් කියන මේ සලරුව අමෙරිකානු ඩොලර් මිලියන 3කට අධික Box office ආදායමක් උපයා තිබෙනවා. කොහොම වුණත්, මගේ කෝණයෙන් බලන කල සුළු අතිශයෝක්තියක් සහ මුල් මිනිත්තු කිහිපය තුළදී දකින්නට ලැබෙන එතරම්-සාර්ථක-නොවන සජීවීකරණ ස්තර යෙදවුම් කීපයක් හැරුණුකොට මිනිත්තු 136ක් පුරාවට පවුලේ හැමෝම එක්ක නොඅඩුව රසවිඳින්න කිසිදු බාධාවක් නෑ.

PM Narendra Modi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
PM Narendra Modi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
PM Narendra Modi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විතානගේ දුවිඳු තරින්ද පෙරේරා (Baiscopelk)
IMDb 3 /10 8,065 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Omung Kumar
Director

Cast

Similar titles

Lipstick Under My Burkha (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Game Over (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadaisi Vivasayi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vunnadhi Okate Zindagi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nayakan (1987) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crisis (2021) Sinhala Subtitles | Watch Online
Mrs. (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Do You See What I See (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pagalpanti (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sergeant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kerala Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Sewmi November 9, 2022 Reply

    Maja maa film eka

Leave a Reply to Sewmi Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published