EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Police Story (1985) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Cheung Wai-Yee, Chiu Lo-Kong, George Ma Joi-Man, Jackie Chan, Wan Fat
Cast
Go Full Cast PagePolice Story AKA Ging Chaat Goo Si (1985) | පොලිස් නිලධාරි ජැකි චැන් සහ මත්කුඩු අධිපතියා අතර ගැටුම
ජැකි චැන්ගේ චිත්‍රපටියකට මම උපසිරැසි යොදපු ප්‍රථම අවස්ථාව තමයි මේක. මගේ පොඩි දවස් වල ඉඳන්ම කැමතිම නළුවා තමයි ජැකි චැන්. මෙයාට මම විශේෂයෙන්ම කැමති මෙයාගේ ක්‍රියාදාම වලට වඩා විහිළු වැඩ වලටයි. මෙයාගේ සටන් ක්‍රියාදාම දර්ශන ඇස් පිල්ලමක්වත් නොගහා බලාන් ඉන්න තරම් ආස හිතෙනවා. ඉස්සර ඉතින් මෙයාගේ චිත්‍රපටියක් TV එකේ යනවයි කිව්වම නොවරදවාම වෙලාවට ඒක බලනවා. ලෝකයේ වගේම අපේ ලංකාවෙත් බාල මහළු හැම දෙනාම ජැකීට ආදරෙයි. මිනිහගේ චිත්‍රපටියක් කිව්වොත් සමහරුන්ට නිකන් පිස්සු වගේ. මේ චිත්‍රපටිය රූගත කරන දර්ශන කිහිපයකුත් අන්තිමට ඔයාලට බලාගන්න පුළුවන්. සියලුම සටන් දර්ශන, ගොඩනැඟිලි වලින් ජැකි චැන් පනින දර්ශන සේරම ගන්නේ ඇත්තටමයි. විශේෂයෙන්ම මේ ජැකි චැන්ගේ චිත්‍රපටි හදන්නේ විසාල මහන්සියක් දරලයි.
ඒ වගේම විශේෂයෙන්ම මම යමක් මතක් කරන්න කැමතියි, පහුගිය මාසේ 21 පාස්කු ඉරිදා මුළු ලෝකයම කම්පා කරමින් අපේ රටේ එල්ල වුන මරාගෙන මැරෙන ත්‍රස්ථවාදී බෝම්බ ප්‍රහාර මාලාවෙන් ජීවිතක්ෂයට පත්වුන සියලුම දෙනාව මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න කැමතියි !
මේ චිත්‍රපටිය තියලා තියන Box Office වාර්තාව ඇවිල්ලා ඇමරිකානු ඩොලර් මිලියන $254ක්. බොහොම විශාල ආදායමක් නේද උපයලා තියන්නේ. හොඳයි, එහෙනම් මේ ෆිල්ම් ඒකේ කතාව ගැන මම ඔයාලට කෙටියෙන් පොඩි විස්තරයක් කරන්නම්.
චැන් කාකූයි හොංකොං පොලිසියේ සේවය කරන හැඩිදැඩි තරුණ සාමාන්‍ය පොලිස් නිලධාරියෙක්. හැබැයි මෙයා සාමාන්‍ය නිලධාරියෙක් වුනාට මෙයාගේ වැඩ නම් සාමාන්‍ය නෑ. අති දක්ෂ සුපිරි පොලිස් නිලධාරියෙක් තමයි මේ චැන් කාකූයි කියන්නේ. මෙයාට පවරන්නේ මොන වැඩේද… යන්න මොන මෙහෙයුමටද… ඒක සාර්ථකව තමන්ගේ හැකියාවෙන්, මහන්සියෙන්, කැපවීමෙන් සාර්ථකව අවසානයේ ඉටු කරනවා. (හැබැයි ඉතින් අවට වටපිටාව එහෙම මුළුමනින්ම විනාසයි) ඉතින් මෙයා කොච්චර වැඩ හොඳට සාර්ථකව කරලා නරක හාදයන්ව නිතීය රැහනට කොටු කෙරුවත් මෙයාගේ පොලිස්සියේ ලොක්කගෙන් නම් නිතරම බැනුම් තමයි මේ චැන් කාකූයිට අහන්න ලැබෙන්නේ. ඒකට හේතුව තමයි අර මම සදහන් කරපු වටපිටාවට, ජනතාවට, සමාජයේ අවට දේ වලට වෙන හානිය නිසා පොලිස් දෙපාර්තමේන්තුවට සහ රජයට නිතර මේ කාකූයිගේ වැඩ වලට වන්දි ගෙවන්න වීම නිසයි. මෙයාට හුරුබුහුටි කරදරකාර ගැනු ළමයෙකුත් ඉන්නවා, හැබැයි මිනිහා වැඩිය කෙල්ලව ගාණකට ගන්නේ නෑ, ඒත් කෙල්ල එහෙම නෑ. කෙල්ල මිනිහට පණ ඇරලා. චැන් කාකූයිගේ මේ පොලිස් වැඩ හින්දා මිනිහට හුඟක් වෙලාව ලැබෙනවා අඩුයි තමන්ගේ පෙම්වතියත් එක්ක කාලය ගත කරන්න. මේ නිසා කෙල්ල නිතරම කාකූයි එක්ක රණ්ඩු අල්ලනවා. කාකූයි පිළිබඳ කාකූයිගේ පෙම්වතියට ඇති වෙන යම් වරදවා වටහා ගැනීමක් නිසා හුඟක් අපූරු සිදුවීමකුත් මේ චිත්‍රපටියේ ඇති වෙනවා. ඒ වගේම නිලධාරි කාකූයි චැන් උසාවියක් ඇතුලේ අපහසුතාවයට පත්වෙන බොහොම අපූරු නඩු වාරයකුත් බලාකියා ගන්න පුළුවන්.
දවසක් කාකූයි, පොලිස් නිලධාරි කණ්ඩායමකුයි දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරනවා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අධිපතියෙක් නිතීයේ රැහැනට කොටු කරගන්න. මේ මෙහෙයුමේදි සියලුම දෙනා තමන්ගේ වැඩකටයුතු සාර්ථකව ඉටු කරන නමුත්, ජාවාරම්කරු චැන් කාකූයිගේ සුපිරි ක්‍රියාදාම මාලාවකින් අනතුරුව කොටු ගැනීමට සමත් වූ නමුත් ඉන් අනතුරුව කාකූයි සහ මත්ද්‍රව්‍ය අධිපතියා අතර දරනු ගැටුම්කාරී තත්වයක් ඇතිවෙනු ලබනවා.
මේ චිත්‍රපටියේ තියන ජැකි චැන්ගේ සුපිරි ක්‍රියාදම මොනවද? මත්කුඩු අධිපතියව චැන් කාකුයි අල්ලගත්තේ කොහොමද? මිනිහගේ මේ කෙල්ල කවුද? මිනිහයි කෙල්ලයි අතර ඇතිවෙන ඒ අපූරු සිදුවීම් මොනවද? මොකක්ද ඒ කාකුයිගේ පෙම්වතියට ඇතිවෙන කාකූයි පිළිබඳ වරදවා වටහා ගැනීම? කාකූයි සහ මත්ද්‍රව්‍ය අධිපතියා අතර ඇතිවෙන මේ ගැටුම මොකක්ද? මොකක්ද ඒ උසාවියක් ඇතුලේ වෙන්නේ? මේ සේරටම උත්තර දැනගන්න එහෙනම් චිත්‍රපටිය අරගෙන බලන්න.
- Police Story (1985)
- Police Story 2 (1988)
- Police Story 3: Super Cop (1992)
- Supercop 2 (1993)












