EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Pravinkoodu Shappu (2025) | රා කඩේ ඉන්ද්‍රජාලිකයා

 

එහෙම නම් මෙන්න අළුත් අවුරුද්ද් බලන්න තවත් ලස්සන මලයාලම් බ්ලැක් කොමඩියක්. මේක නම් නොබල ඉන්න විදිහක් නෑ. මේකත් අළුත්ම තේමාවක් තියෙන කතාවක්.

බැසිල් ජෝශප් තමයි මේකෙ ප්‍රධාන චරිතය. කව්ද ඉන්න චිත්‍රපට නොබලන්නෙ. පොන්මෑන් බලල වැඩි කල් නෑනේ. මේකෙදි බැසිල් පොලිස් කාරයෙකුට අඳින්නෙ. මිනිහට තරුණ එස් අයි කෙනෙක් හැටියට මිනී මැරුමක් ගැන විමර්ශනයක් බාර වෙනවා. මිනී මැරුම වෙන්නෙ රා කඩේක. ඒකෙ අයිති කාරයා තමයි මැරෙන්නෙ. ඉතිං ඒක සිය දිවි නසා ගැනීමක්ද නැත්තම් මිනී මැරුමක්ද කියලයි හොයන්න වෙන්නෙ. මේ මරණය වෙද්දි රා කඩේ සෑහෙන පිරිසක් හිටියා ඉතින් ඒ අස්සෙ මිනිහ එල්ලිල මලාද මරල එල්ලුවද කියන එක තමයි අභිරහස. කොහොමත් රා සුවඳවත් පෙන්නන්න බැරි අපේ එස් අයිට සැක කාරයො ගොඩක් ඉන්නවා. බලමු අන්තිමේ මේක විසඳෙන හැටි.

බැසිල්ට අමතරව සුබින් සුහේර් සහ චෙම්බන් විනෝද් ජෝස් කියන ජනප්‍රිය නළු දෙපලත් මේකෙ උප ප්‍රධාන චරිත රඟපානවා. ශ්‍රීරාජ් ශ්‍රීනිවාසන්ගේ ප්‍රථම අධ්‍යක්ෂනයක් මේක.ඉතින් අළුත් අවුරුද්ද ලබන මේ මොහොතෙ මේ චිත්‍රපටයත් රස විඳින්න ආරාධනා කරනවා.

Comments