CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2734 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 08, 2004United States77 Min.
Your rating: 0
5.3 4 votes
Primer (2004) | මොකද්ද මේ මැෂින් එක

තවත් මොලේට සමනල්ගැටේ වැටෙන Time Traveling ෆිල්ම් එකක් අරන් තමයි අදත් ආවේ..මම කලින් සබ් කරපු සමනල්ගැට ෆිල්ම් එක බැලුවේ නැත්තම් මෙතන ඔබන්න..

ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් මේකට IMDB 6.8 කුත් , Rotten Tomatoes 73% කුත් , ගූගල් පරිශිලක 78% කුත් ලබාගන්න සමත් වෙලා තියන ටයිම් ට්‍රැවලින් වල මාස්ටර් පීස් එකක් කිව්වොත් මම හරි. ඉතින් මේක 2004 රිලීස් වෙලත් තාමත් සිංහල උපසිරැසියක් නොතිබ්බ නිසා මම ගත්තා මේකට Sub එක කරන්න.. ගත්තම තමයි ඒක ලේසි වෙන්නෑ කියලා තේරැනේ. . කවුරැත් සබ් නොකරන්න හේතුවත් මට තේරැනා.. 😁  ඒ වගේම මේක Drama / Sci-Fi / Thriller ගණයට තමයි අයත් වෙන්නේ.මේක සාමාන්‍යයන් ඔයාලා බලන ටයිම් ට්‍රැවලින් ෆිල්ම් එකක් වගේ නම් නෙමෙයි.. ඒ කියන්නේ ගස් අස්සෙන් ගිහින් වෙන ලෝකෙකට යනවා වත් , නැත්තං ගුහාවක් අස්සට ගිහින් අනික් පැත්තෙන් වෙන ලෝකෙට එනවා , නැතතං ඉබේ කඩා පාත් වෙනවා වගේ නෙමෙයි.. මේක තනිකරම විද්‍යාව පදනම් කරගෙන නිර්මාණය වෙලා තියන ෆිල්ම් එකක්.  කොටින්ම මේකේ සබ් එක කරන්න මට AL කෙමෙස්ට්‍රි පවා ඉගන ගන්න වුනා..ඔයාලට බලද්දි තේරෙයි ඒක තියන වචන වලින්ම.. බය වෙන්න එපා ඒවගේ තේරැම මම යටින් දාලා ඇති.. ඒ වගේම මේකේ දෙබස් මම පුලුවන් තරම් සරල කරලා දාලා තියෙන්නේ සාමාන්‍යයන් ලංකාවේ මනුස්සයෙක්ට තේරැම් ගන්න පුලුවන් IQ ලෙවල් එකකට.. මට ආසියානු සමහර රටවල් වල SUB එක්ක පවා මේවා කම්පෙයා කරන්න වුනා මේක සිංහලට හරවන්න.. ඒ තරමට අමාරැයි..

ඒ වගේම වැදගත් ම දේ තමයි , ⁣ඔයාලා Dark TV සීරිස් එක බැලුවා නම් මට කියන්න තියෙන්නේ මේක ඊටත් වඩා අතිශය සංකීර්ණයි.. මේකේ හැම කොටසකම තේරැමක් තියනවා සහ හැම වචනෙකම රහසක් හැංගිලා තියනවා.. ඔයාලා මේක බලන් යද්දි කම්මැලියි වගේ කියලා අතඇරලා දාන්න එපා.. එහෙම නැත්තං එක තත්පරයක් වත් මේක යව යව බලන්න යන්න එපා..මේ කතාව ඔයාට අන්තිමට හිතාගන්න බැරි විදිහට ඔලුවට වෙනම කතාව අත ඇරලා දානවා.. බලන මනුස්සයට පිස්සුම හැදෙන්න.. මම මේ කතාව දෙපාරක් බැලුවා..ඒත් මේක තේරැම් ගන්න අමාරැයි මට… මට Sub එක කරද්දි තමයි මට කතාව තේරැනේ සහ මේ ෆිල්ම් එක විස්තර කරලා අන්තර්ජාලයේ තිබ්බ ලිපියක් කියවලයි මම තේරැම් ගත්තේ.. ඔයාලට කතාව නොතේරෙනවා..ඒක 95%කට එහෙමයි.. 5% තමයි සම්භාවිතාව තියෙන්නේ මේක තේරැම් ගන්න. එහෙම බැරි වුන අය⁣ මේ LINK එකෙන් ගිහින් ඒ ආර්ටිකල් එක කියවන්න.. ආටිකල් එක කියෙව්වම තේරෙයි මේක කොච්චර සුපිරිද කියලා..මේක ඉතින් එක පාරින් තේරැම් ගත්තා කියන්නේ ඔයා සුපිරි වැඩ්ඩෙක්..👌😎

කතාව පැත්තට ගියොත් අපිට ඉන්නවා යාලුවෝ හතර දෙනෙක්.. ආරෝන් , අබේ , පිලිප් සහ රොබට්. මෙයාලා AI ඉන්ජිනේරැවෝ.. මෙයාලගේ රස්සාව තමයි පොඩි පොඩි ගැජට් කෑලි හදලා සාමාන්‍යය මිනිස්සුන්ට විකුණන එක.. මේක කරන්නේ මෙයාලා ඉතාම පොඩියට ආරොන්ගේ ගෙදර ගරාජ් එකක.. මෙයාලට කොහොම මේක කරත් සල්ලි ප්‍රශ්න නම් හොදටම තියනවා..ඉතින් දවසක් මෙයාලා අතර තර්කයක් යනවා මේවා හද හද ඉදලා හරියන්නෑ..වෙන මොකක් හරි වැඩකට අත ගහන්න ඕන කියලා.. ඉතින් ඕකෙන් පස්සේ අපේ ප්‍රධාන චරිත දෙක වෙන ආරොන් සහ අබේ හදනවා ද්‍රව්‍යක ස්කන්ධය අඩු කරන්න පුලුවන් මැෂින් එකක්…මෙතිනන් පස්සේ තමයි මේ සේරම කනපිට⁣ පෙරලෙන්න පටන් ගන්නේ හිතාගන්න වත් බැරි විදිහට.. ඉතින් මොකද්ද මේ මැෂින් එක, ඒකෙන් කොහොමද

කාලය හරහා යන්නේ, මේක වැඩ කරයි ද, මෙයාලා මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද… ඒ වගේම මෙයාලා ට මේකෙන් ලැබෙන අදුරැ ප්‍රතිවිපාක ගැන බලාගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.. අතීතය වෙනස් කරාම ඒවා වර්ථමානය බලපාන විදිහ , අතීතයයි වර්ථමානයයි අතර තියන ඒ භයානක කම අපිට බලාගන්න පුලුවන් මේකේ.. ඒ වගේම මේකේ තුන්වෙනි පාර්ශවයකුත් ඉන්නවා.. බලන්න ඔයාලට හිතාගන්න පුලුවන් වෙයි ද කියලා කවුද මේ තුන්වෙනි පාර්ශවය කියලා.. 😎😎

ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා ඔයාලගේ අත්දැකීම මේ ෆිල්ම් එකත් එක්ක💙

Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තාරක ලහිරු මධුශාන් (Cinerulk)
IMDb 6.8 /10 110,769 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jay Butler isMetalshop Worker
Metalshop Worker
John Carruth isMan On Couch #1
Man On Couch #1
Juan Tapia isMan On Couch #2
Man On Couch #2
Samantha Thomson isRachel Granger
Rachel Granger

Similar titles

Mechanic: Resurrection (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sympathy for Mr. Vengeance (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kantara: Chapter 1 (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Sleeping Dogs (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ishq Vishk Rebound (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Snow Queen (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
All the Bright Places (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kandahar (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Soul (2020) With Sinhala Subtitles
The Brothers Grimsby (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published