EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Pulp Fiction (1994) | නිම නොවූ චරිත.

මේ චිත්‍රපටය මේ වෙනකොට හොඳම චිත්‍රපට දර්ශකයේ 4 වෙනි ස්ථානයේ තියෙනවා වගේම ඔස්කාර් සම්මානයක් ඇතුලූ තවත් සම්මාන 59 ක් හා නිර්දේශ වීම් 46 ලබන්න තරම් ජනප්‍රිය වුනු චිත්‍රපටියක්. මේකේ රඟපාන නළු නිළියන් අතරට John Travolta, Samuel L. Jackson, Uma Thurman හා Bruce Willis දක්වන්න පුළුවන්.

මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ පාතලයේ කොන්ත්‍රාත් ඉටුකරන පුදගලයින් දෙන්නෙක්, පාතාල නායකයා හා එයාගේ බිරිඳ, බොක්ෂින් ක්‍රීඩකයෙක් හා සාමාන්‍ය මට්ටමේ මංකොල්ලකාරයෝ දෙන්නෙක් එකිනෙකට යම් සම්බන්ධයක් තියෙන කතා හතරකදි ප්‍රචණ්ඩත්වයට හා ගැලවීමට මුහුණ දෙන ආකාරයයි. කතා රචක හා අධ්‍යක්ෂක Quentin Tarantino ගේ සලකුණ විදියට හැඳින්වෙන එක රේඛාවකට නොයන කතා ශෛලිය මේ චිත්‍රපටයේත් දක්නට ලැබෙනවා. වෙනස් කතා හතරක් වුනත් යම් යම් සම්බන්ධතාවක් තියෙනවා කියලා මම කිව්වෙ ඒ නිසයි. චිත්‍රපටිය පටන් ගන්න තැනටම ආපහු අවසානයේ එනවා. ප්‍රධාන වශයෙන් චිත්‍රපටය ගලාගෙන යෑම කොටස් 7 කට බෙදන්න පුළුවන්.
1) ප්‍රස්ථාවනාව – රෑ කෑම (i)
2) “වින්සන්ට් වේගා හා මාර්සලස් වොලස් ගේ බිරිඳ” කතාවේ පූර්විකාව.
3) “වින්සන්ට් වේගා හා මාර්සලස් වොලස් ගේ බිරිඳ”
4) “රත්‍රං අත් ඔර්ලෝසුව” කතාවේ පූර්විකාව (a-අතීතාවර්ජනය, b-වර්තමානය)
5) “රත්‍රං අත් ඔර්ලෝසුව”
6) “බොනී තත්වය”
7) අවසානය – රෑ කෑම (ii)
ඒත් මේ චිත්‍රපටය පිළිවෙලකට අවසානයක් වෙනව නම් මේ කතාවල පිළිවෙල වෙනස් වෙන්න ඕනා. ඒ පිළිවෙල සොයාගැනීම ඔබට බාරයි. බලමු බලන්න කාටද ඒ පිළිවෙල කමෙන්ට් එකකින් හරියටම කියන්න පුළුවන් කියලා.

අවවාදයක් මෙහි බොහෝ F වචනය හා එයට සම්බන්ධ වචන අඩංගුව ඇත. මේවා බලලා අහිංසක හිත් රිදුනොත් එහෙම 😛

Comments