EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageRasavathi (2024) | සිංහල උපසිරැසි සමඟ
අර්ජුන් දාස්ව නොදන්න කෙනෙක් මේ වෙද්දි නැහැනේ. කයිති චිත්‍රපටි දුෂ්ටයාගේ චරිතයෙන් හැමෝගෙම ආකර්ෂණය ලබපු කෙනෙක් තමයි ඔහු. වැඩියෙන්ම මොහුගේ ගැබුරු කටහඬ නිසා තමයි ගොඩක් අයගේ අවධානයක් යොමු උනේ. කොහොම හරි දැන් දැන් දුෂ්ට චරිත වලින් මිදිලා විරයාගේ චරිතේ කරන්න වැඩි වශයෙන් අර්ජුන්ව යොදාගන්නවා…මේ චිත්‍රපටියත් ඒ වගේ එකක්. මේක ටිකක් ඩ්‍රාමා ත්‍රිලර් පැත්තට බර චිත්‍රපටියක්. එහෙම කියලා බලද්දි කම්මැලි නම් නැහැ. තියන වලි පවා අර ගැහුවාම පාවේලා ගිහින් වැටෙන ජාතියේ එවා නෙමෙයි. කොහොමත් චිත්‍රපටිය අවසානය පුරාම කුතුහලයෙන් පිරිලා තියනවා කියලා කියන්නම ඕනි.
චිත්‍රපටිය ගැන කිව්වොත් සදා (අර්ජුන් දාස්) කියන්නේ දේශිය වෛද්‍යවරයෙක්. මොහු වැඩි ආශ්‍රයක් නැතුව තමන්ගේ පාඩුවේ ජිවත් වෙන කෙනෙක්. මෙහෙම අතරදි තමයි ඔහුගේ ගෙවල් ලග තියන හෝටලේ රිෂෙප්ෂන් තනතුරට පැමිණි සුර්යා (ටාන්‍යා රවිචන්ද්‍රන්) ව මුණ ගැහෙන්නේ. මේ දෙන්නා අතර යම් හිතවත් කමක් ගොඩ නැගෙනවා.ඒ අතරම මේ පලාතට අලුත් පොලිස් පරික්ෂකවරයෙක් එනවා. මේ පොලිස් පරික්ෂක වරයාගේ හැසිරිම සැහෙන අමුතුයි. තනියම කියවනවා අමුතු විදියට බලන් ඉන්නවා. නිකම් මානසික රෝඟයක් තියන පුද්ගලයෙක් වගේ. ඔහු අහම්බෙන් වගේ සදා හා සුර්යා කතා කරනවා දකිනවා. මෙතැන ඉදන් ඔහු විසින් මේ දෙන්නාව වෙන් කරන්න පුලුවන් දේවල් කරනවා. මේ පොලිසියේ කෙනා මෙහෙම කරන්නේ ඇයි? සදා කියන්නේ ඇත්තටම කවුද? ඔහුගේ අතිත කතාව මොන වගේ වේවිද? එහෙනම් නරඔන්න ආරාධනා කරනවා මේ චිත්‍රපටිය.



