EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Relay (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Danny McGrath, David Mackenzie, Sean Hind, Stu Feldman
Cast
Go Full Cast PageRelay (2025) | “රහසිගත තොරතුරු”
මේක 2024 අවුරුද්දේ සැප්තැම්බර් Toronto International Film Festival එකේදී ප්‍රදර්ශනය කළාට පස්සේ තියටර් වලට නිකුත්වුණේ 2025 මේ අවුරුද්දේ.
ඒ Relay (2025).
hriller/Suspense ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ David Mackenzie. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 52ක් වෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට හඬ දායකත්වය දෙන්නේ Riz Ahmed, Lily James, Sam Worthington ඇතුළු ශිල්පීන් පිරිසක්.
කතාව පොඩියට කිව්වොත්, සාරා කියන්නේ තිරිඟු සම්බන්ධ පරීක්ෂණ කරන පර් යේෂණ කණ්ඩායමක වැඩ කරපු කෙනෙක්. කොහොමහරි මේ තිරිඟු පරීක්ෂා කරන තත්ව සහතික ආයතනය හොයාගන්නවා මෙවායේ අහිතකර දේවල් අඩංගුයි කියලා. මේ ගැන ඉහළ නිළධාරීන්ට දැනුවත් කළාම එයාලා කරන්නේ ඒක නොතකළා සරාව රස්සාවෙන් අයින් කරලා එයාලගේ නිෂ්පාදන වැඩ කටයිතු කරනවා. අර කියපු තත්ව සහතිකයේ කොපියක් හොරෙන් අරගෙනයි සාරා එළියට බහින්නේ. මේක දැනගත්ත ලොක්කෝ සාරාට තර්ජන කරමින් පිටපත ඉල්ලනවා. දැන් සාරා බයේ මේවා ආපහු භාරදෙන්න හිතුවත් තනියම කරගන්න බයවෙලා තවත් ආයතනයක උදව් ඉල්ලනවා.
එතන ඉඳලා තමයි කතාව පටන්ගන්නේ. ඉතින් සාරාට මේක ආරක්ෂිතව කරගන්න පුලුවන් වෙයිද? කවුද ඒකට උදව් කරන්නේ?
මේවා දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.












