CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2228 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [NO ADS]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Reptile (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Reptile (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 29, 2023United States136 Min.
Your rating: 0
8 3 votes
Reptile (2023) | විට්කොම්බ් මන්දිරයේ මිනීමැරුම…

Reptile (2023) නම් අපරාධ පරීක්ෂණ ගණයේ ත්‍රාසජනක ඇමරිකානු චිත්‍රපටයටයි. මිනිත්තු 136ක ධාවන කාලයක් මුළුල්ලේ ත්‍රාසය, භීතිය සහ කුහුල දනවමින් මෙහි දිගහැරෙන්නේ මිනීමැරුමක තතු හෙළිදරව් කරගැනීමේ ප්‍රයත්නයක් ගැනයි. ටොම් නිකොලස් නම් අපරාධ පරීක්ෂකයා විසින් ස්කාබරෝ නගරයේ දේපළ වෙළඳාම් තැරව්කාරියකගේ සාහසික ඝාතනයක අභිරහස හෙළිදරව් කිරීමේ උද්වේගකර ප්‍රයත්නයක නිරත වන ආකාරය මෙහි ගොඩ නගා තිබෙන අතර ඒ පරීක්ෂණයේ ඉදිරියට යත්ම තමා ගෙවන ජීවිතයේ සුන්දර මතුපිට යටින් දිවෙන බිහිසුණු යථාර්තයක් අනාවරණය කරගැනීම හා බැඳුණු කතාවක් මේ සිනමා පටයට පාදක වෙනවා. ග්‍රාන්ට් සිංගර් විසින් අධ්‍යක්ෂණය කළ Reptile හි තිර පිටපත එහි අධ්‍යක්ෂක ග්‍රාන්ට් සිංගර් ඔහුගේ සහයක රචකයන් වන බෙජමින් බ්රූවර් සහ බෙනිස්හියෝ ඩෙල් ටොරෝ සමඟ රචනා කර තිබෙනවා. IMDb හෙවත් අන්තර්ජාල සිනමා දත්ත සංචිතයේ 6.9/10 ක අගයක් ලබාගන්නට සමත් වෙනවා. ජනප්‍රිය ගායකයෙක්, ගීත රචකයෙක් සහ නළුවෙක් වන Justin Timberlake විසින් රංගනයෙන් දායක වන මේ සිනමා පටය දිගු කලකට පසු ඔහු රංගනයෙන් දායක වුණු හොඳම සිනමාපටයක් ලෙස රසික ජනාදරයට පාත්‍ර වන්නට සමත් වෙනවා. මීට අමතරව ජේම්ස් කැමරන්ගේ Titanic චිත්‍රපටයේ රෝස්ගේ මව වන රූත් බියුකේටර් ලෙසින් රංගනයෙන් දායක වුණු Frances Fisher ද මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. 2023 සැප්තැම්බර් 07 වැනි දින ටොරොන්ටෝ ජාත්‍යන්තර සිනමා උළලේ මෙහි මංගල දර්ශනය පැවැත්වුණු අතර 2023 සැප්තැම්බර් 22 වැනි දින තෝරාගත් සිනමාහල්වල පමණක් තිරගත කිරීම ආරම්භ වුණා. අනතුරුව සැප්තැම්බර් 29 වැනිදා, Reptile නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශනය කෙරුණා.

චිත්‍රපටයේ කතාව දෙසට හැරෙන්නම්.මව් පිය උරුමයෙන් ධනවත් ව්‍යාපාරිකයෙක් වන විල් ග්‍රේඩි (Justin Timberlake) ස්කාබරෝහි දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කරනවා. ඔහු සමර් එල්ස්වික් (Matilda Lutz) නම්වන දේපළ වෙළඳාම් නියෝජිතවරියක් සමඟ විවහා වීමේ අපේක්ෂාවෙන් දිවි ගෙවමින් සිටිනවා. ඔවුන් දෙදෙනාගේ ආදරය සාමාන්‍ය එකකට වඩා හැලහැප්පීම් ගොඩක් මැද දිවෙන එකක් ලෙසයි පෙනී යන්නේ. විල් ග්‍රේඩි සහ පෙම්වතිය ඉදිරියට ගෙනයන පවුලේ ව්‍යාපාරයට ඔහුගේ මවගේ සක්‍රිය සහයද හිමිවනවා. විල්ගේ මව වන කැමිලි (Frances Fisher) විසින් සොයාගනු ලබන මිල අධික නිවෙස් ඔවුන්ගේ සමාගම විසින් මිලට ගැනීමෙන් අනතුරුව ඉහළ මිල ගණන් වලට විකිණීමයි ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරය. පෙරවරණය හෙවත් Foreclosure නම්වන ගෙවිය නොහැකි වුණු ණය යළි අයකරගැනීමේ ක්‍රියාවලියද එහිදී භාවිතා වෙනවා. එය ණයගැතියාගේ දේපළ වල හිමිකාරිත්වය ඔහුගෙන් ඉවත් කර එම දේපළ වලින් කොටසක් හෝ මුළුමනින්ම විකුණාදමා ණය හිමියා විසින් ණය අයකරගැනීමේ නෛතික ක්‍රියාවලියක්. දිනක් නිවසින් බැහැර රාජකාරියක් නිමා කර යළි නිවෙස බලා එන විල්ට දකින්නට ලැබෙන්නේ තම විවාහාපේක්ෂිත පෙම්වතිය තම නිවෙසේදීම කිසිවෙකු විසින් ඝාතනයට ලක්කර තිබෙන අන්දමයි. මේ සාහසික මිනීමැරුමේ අබිරහස හෙළිකරගැනීම පැවරෙන්නේ අපරාධ පරීක්ෂක ටොම් නිකොලස් (Benicio del Toro) ප්‍රමුඛ පොලිස් නිළධාරීන් කණ්ඩායමටයි. වෝහාරික සහ අනෙකුත් සාක්ෂි එකිනෙක ක්‍රමානුකුලව අධ්‍යයනය කරන ඔහු ඝාතකයා කොටු කරගැනීමේ ක්‍රියාවලියේ ඉදිරියට යනවා. මිනීමරුවා සමර් ගේ හිටපු සැමියා විය හැකිද? නැතිනම් ඇයගේ මළසිරුර මුල්වරට හොයාගත් විල් ග්‍රේඩිම විය හැකිද? කෙසේ වෙතත් අසල්වැසි කාන්තාවකගේ ඇසින් දුටු සක්ෂියකට අනුව මිනීමරුවා පැමිණ ඇත්තේ ක්‍රයිස්ලර් රථයකින්. එහෙත් ඇය ඔහුගේ මුහුණ දකින්නේ නැහැ. පැමිණි තැනැත්තා නොණ්ඩි ගසමින් ඇවිද යන්නෙක් බවයි ඇය දැක්කේ. සමර් එල්ස්වික් ස්කාබරෝ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වෙළෙන්දන් ගැන මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයට පැමිණිලි කර තිබෙන බවට සාධක හමුවන නිසා ඇයගේ ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු එකක් වීමේ හැකියාවද ඔවුන් සොයා බලනවා. මේ සියල්ල අතරේ අතර ටොම් ඔහුගේ හිතවතුන් සමඟ ගෙවන සාමාන්‍ය ජීවිතයේ කතාන්දරයද දිගහැරෙනවා. ටොම්ට අපරාධයේ සුලමුල සොයාගනීමට හැකිවේද? සමර් එල්ස්වික් ඝාතනයට හේතු වුණු කරුණු මොනවාද? අපරාධකරු අධිආරක්‍ෂිත මන්දිරයට ඇතුළු වුණේ කෙසේද? මුල සිට අගටම ත්‍රාසය සහ කුතුහලය දනවන අන්දමින් දිගහැරෙන මෙම සිනමාපටය ඔබට මේ ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කරාවි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රබුද්ධ කේසර විතානගේ (Baiscopelk)
IMDb 6.9 /10 24,669 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kimi Webber
Director

Cast

Benicio del Toro isTom Nichols
Tom Nichols
Alicia Silverstone isJudy Nichols
Judy Nichols
Michael Pitt isEli Phillips
Eli Phillips
Karl Glusman isSam Gifford
Sam Gifford
Eric Bogosian isCaptain Robert Allen
Captain Robert Allen
Frances Fisher isCamille Grady
Camille Grady
Owen Teague isRudi Rackozy
Rudi Rackozy
Matilda Lutz isSummer Elswick
Summer Elswick

Similar titles

After (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blind Date (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beast (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingsman: The Golden Circle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Change-Up (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Nanpakal Nerathu Mayakkam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meow (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Butterfly Effect 3: Revelations (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mosagallu (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Christmas Bloody Christmas (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published