EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Reservoir Dogs (1992) | වැරදුණු මුතු කොල්ලය…

මේක ගැන නම් ආයි කතා දෙකක් නෑ සුපිරි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pulp Fiction (1994), Jackie Brown (1997) වගේ සුපිරිම චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු QuentinTarantino කියන අධ්‍යක්ෂකවරයා. ඔහු මේ චිත්‍රපටයේ සහය රංගනයකත් යෙදෙනවා. මේ ෆිල්ම් එක IMDB වර්ගීකරණයේ 68 වන ස්ථානයේ පසුවන්නේ 8.4 ක අගයක් ලබාගනිමින්. ඒකෙන්ම තේරෙනවනේ මේකේ තරම. මේ ෆිල්ම් එක හින්දා 2006 දී ගේම් එකකුත් ආවා. 2002 වසරේදී මේ ෆිල්ම් එක ඇසුරෙන් Kaanthe නමින් හින්දි චිත්‍රපටයකුත් නිකුත් උනා. ඒ ෆිල්ම් එකත් ලෝකේ පුරාම ඉතාමත් ජනප්‍රිය උනා. මේකට රංගනයෙන් දායක වෙන්නේ නම් එච්චරම ප්‍රසිද්ධ අය නෙමේ. ඒත් ඔවුන්ගේ රංගනය ඉතාමත් ඉහල තැනක තියෙනවා.

මං මේකේ කතාවත් පොඩ්ඩක් කියලා ඉන්නම්. මේකේ කතාව සමාන්තරව දිවෙන්නේ නම් නෑ, ඒ උනාට තේරුම ගන්න අපහසු නෑ. මේකයි කතාව, එකිනෙකා ගැන නොහඳුනන 8 දෙනෙකුගෙන් යුත් හොර කණ්ඩායමක් මුතු කොල්ලයක් සඳහා එක් වෙනවා. ඒත් මොවුන් අතරම පොලිස් ඔත්තු කාරයෙකුත් ඉන්නවා. ඔහුව හඳුනාගැනීමට ඔවුනොවුන් දරන උත්සාහය තමයි මේ ෆිල්ම් එකේ සාරාංශය. අන්තිමට මොකක්ද වෙන්නේ කියලා දැනගන්න ෆිල්ම් එක බලලම ඉන්නකෝ. මේකෙන් අපි හැමෝගෙම ජීවිත වලට ගන්න හොඳ ආදර්ශයක් තියෙනවා, ඒ තමයි ඕනෑම කෙනෙක් ඕනවට වඩා විස්වාස කරන්න එපා කියලා.

Comments

April 30, 2025

the wire TV Series Please