EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

දෙන්නෙක්ද? නැත්තම් එක්කෙනෙක්ද?

අද මම අරගෙන ආවේ දමිළ සිනමා රසිකයෝ ආසාවෙන් බලාගෙන හිටපු සුපිරිම දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. Action Thriller චිත්‍රපට බලන්න ආස කරන අයට නම් මේක නියම චිත්‍රපටියක් කියලා මුලින්ම කියන්න ඕනේ. 2025 දෙසැම්බර් මාසේ 25 වෙනිදා තිරගත වීම ආරම්භ වුනු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kris Thirukumaran විසින්. Action Hero කෙනෙක් විදිහට දමිළ සිනමාවේ තමන්ගේම කියලා තැනක් හදාගෙන ඉන්න Arun Vijay තමයි මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. එයාට අමතරව Siddhi IdnaniYogesh Samy වගේම වගේම අපිට නිතරම දමිළ සිනමාවෙන් හමුවන John Vijay වගේ දක්ෂ නළු නිළියන් රැසක්ම මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් Arun Vijay ගේ ෆිල්ම් එකක් කිව්වම ආයේ Action ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ, Thadam 2019,Mafia: Chapter චිත්‍රපටි මේකත් ඒ වගේම කුතුහලය පිරුණු නියම කතාවක්.

දැන් අපි කතාව පැත්තට ටිකක් හැරුනොත්මේ කතාව ගලාගෙන යන්නේ එකම වගේ පෙනුම තියෙන චරිත දෙකක් වටා. ගෝව වල පාතාලේ රජ කරන දරුණු මැරයෙක් ඉන්නවා මල්පේ උපේන්ද්‍ර කියලා. අනිත් පැත්තෙන් පොන්ඩිචෙරි වල සාමාන්‍ය විදිහට ජීවත් වෙන තවත් මනුස්සයෙක් ඉන්නවා කාලි කියලා. මේ දෙන්නගේ රූපේ එක වගේ වුනාට ගතිගුණ නම් අහසට පොළොව වගේ. දවසක් දේශපාලඥයෙක්ගේ පුතෙක් මරලා දාන සිද්ධියක් එක්ක මේ කතාව උඩු යටිකුරු වෙනවා. පොලිසිය හිතාගෙන ඉන්නේ මේ මිනීමැරුම කරේ උපේන්ද්‍ර කියලා. හැබැයි ඇත්තටම එතන මොකක්ද වුනේමේ ඉන්නේ ඇත්තටම උපේන්ද්‍රද නැත්තම් කාලිදමේ දෙන්නා මාරු වුනාදඑහෙමත් නැත්තම් මේ සේරම එකම එක්කෙනෙක්ගේ මාස්ටර් ප්ලෑන් එකක්දඅන්න ඒක දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. චිත්‍රපටය පටන් ගත්ත වෙලාවේ ඉඳන් අන්තිම වෙනකන්ම ප්‍රේක්ෂකයාගේ කුතුහලය රඳවාගන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන්.

මේ වෙද්දී IMDb දර්ශකයේත් හොඳ අගයක් ලබාගන්න වගේම ප්‍රේක්ෂකයන්ගෙන් සහ විචාරකයන්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර දිනාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම Arun Vijay ගේ ද්විත්ව රංගනය සහ Fight Scenes ගැන හැමෝම කතා වෙනවා. ඉතින් Action, Thriller, Crime කියන වර්ගයේ ෆිල්ම් වලට ආස ඔයාලට මේක මගහැරගන්න එපා කියලා මතක් කරනවා. 

Comments