EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageRide On (2023) | “පිය සෙනෙහස”
(Ride On (2023) Sinhala Subtitles) (Ride On (2023) Sinhala Subtitle) (Ride On (2023) Sinhala Sub) (Ride On Sinhala Subtitle) (Ride On Sinhala Sub)
තාත්තා කියන්නෙ අම්මට නොදෙවෙනි පවුලෙ බර කරට අරන් තමන් ගැනවත් හිතන්නෙ නැතුව පවුලෙ සතුට ගැන හිතන කෙනෙක්.ඉතිං මේ තාත්තා කෙනෙක්ගෙ ආදරේ ගැන කියැවෙන ලස්සන චිත්‍රපටයක් තමා Ride On කියන්නේ. මේ කතාවෙ ප්‍රධාන චරිතෙ නැත්තං තාත්තගෙ චරිතෙට පණ පොවන්නෙ අපි කවුරුත් අදුරන ජැකී චෑන්.ජැකී චෑන් ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. චිත්‍රපට ක්‍රියාදාම නලුවන්ගෙන් ඉස්සරහින්ම ඉන්න කෙනෙක් තමා ජැකී චෑන් කියන්නෙ. ඔහුගේ මෑතකදි නිකුත් වුන චිත්‍රපට පසුබෑමකට ලක් වුනත් මේ චිත්‍රපටය ඔහුව ආයෙත් පරණ ජැකී විදිහට ඔසවා තබනවා නිසැකයි.
Adventure / Comedy කාන්ඩෙට අයත් වෙන මේ චිත්‍රපටය Imdb අගය 6.5 ක් වගේම කුනු තක්කාලි 54% ලබා ගන්න සමත් වෙලා තියනවා. 2023 අප්‍රේල් 07 තමා නිකුත් වෙලා තියෙන්නෙ.මේ චිත්‍රපටය පැය 2 යි විනාඩි 6 ක කාලයක් දිවෙනවා. Larry Yang තමා අද්‍යක්ශක විදිහට කටයුතු කරල තියෙන්නෙ. Liu Haocun , Guo Qilin , Wu Jing අනිත් චරිත වලට දායක වෙනවා.
කතාව පැත්තට හැරුනොත් තමන්ගෙ පුතා වගේ අශ්වයෙක් බලාගන්න Stunt man කෙනෙක්ට එයාගෙ අශ්වයා සමාගමකින් පවරගන්නවා කියලා උසාවියෙන් නියෝගයක් එනවා. මෙයාගෙ දුප්පත්කම නිසා නීතිඥයෙක් ගන්න සල්ලි නැති වෙනවා. ඒ නිසා මෙයා උදව් ඉල්ලන්නේ අවුරුදු 6 ක් නොදැක වෙන්වෙලා හිටිය එයාගෙම දුවගෙන්. සල්ලි නැති නිසා තමන්ගෙ දුවගෙන් උදව් ඉල්ලනකොට දුවගෙ ප්‍රතිචාරෙ කොහොම වෙන්න ඇද්ද? ඇයි මෙයාලා මෙහෙම වෙන් වුනේ? උත්තර හොයාගන්න මේක බලන්නම ඕන.






