EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageRock Dog 2: Rock Around the Park (2021) | රොක් ඇන්ඩ් රෝල් පාක් එකට තර්ජනයක්?
කොහොමද හැමෝටම? මීට අවුරුදු හතකට වගේ කලින් ඔයාලට අරගෙන ආපු Rock Dog (2016) සමහරවිට ඔයාල බලලාත් ඇති. මේ වෙද්දිත් ඒක නොබලපු කෙනෙක් ඉන්නවානම් ඉතින් කියන්න තියෙන්නෙ, යන්න යන්න, ගිහිල්ලා ඒ සුපිරි ඇනිමේෂන් ෆිල්ම් එක බලන්න කියලා තමයි. මොකද ඒක නම් මම බලපු ලස්සනම ෆිල්ම් එකක්.
ඉතින් මේ ඔයාලාට අරගෙන එන්නෙ ඒ ෆිල්ම් එකේම දෙවෙනි දිගුව. ඉතින් මේ සීක්වල් චිත්‍රපටය නිකුත් වුණේ 2021 ජූනි මාසෙදි. හැබැයි ඒ කාලේ මට මේකෙ උපසිරස කරන්න වුණේ නැහැ. කමක් නෑ ඉතින් දැන් හරි ගෙනාවනෙ නේද? ඉතින් කැමති අය මේ ෆිල්ම් එකත් බලන්න.
හරි එහෙනම්, මම මේ කතාවෙ වෙන දේත් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්කො. ඉතින් මේ වෙද්දි බෝඩි එයාගේ බලය මොකක්ද කියලා හොයාගෙන තමයි ඉන්නේ. එයාගේ බලය ක්‍රියාත්මක වෙන්නෙ එයා සංගීතයට සම්බන්ධ වෙනකොට, ඒ කියන්නෙ එයාගේ ගිටාර් එක වාදනය කරනකොටයි. දැන් බෝඩි සෑහෙන ප්‍රසිද්ධයි. මෙහෙම කාලය ගත වෙද්දි සිදු වන සිදු වීම් කීපයක්ම අපිට බලාගන්න පුලුවන්. ඒ සිදු වීම් ටික මම ප්‍රශ්ණ විදිහට සඳහන් කරලා ඒ ප්‍රශ්ණවලට පිළිතුරු ඔයාලාටම හොයාගන්න ඉතිරි කරන්නම්.
බෝඩි සිහිනයකින් දකින වෙනස්ම සහ අලුත්ම ගිටාර් තාලය මොකක්ද ඇත්තටම?
ලෑං කියන බැටළුවා දෙන පොරොන්දු පිළිගත හැකි ඒවාද? ඔහුව විශ්වාස කළ හැකිද?
රොක් ඇන්ඩ් රෝල් පාක් එකට හදිසියේම එල්ල වන තර්ජන පිටිපස්සේ තිබෙන හස්තය කාගේද?
රොක් ඇන්ඩ් රෝල් පාක් එක ආධුනික රොක් ඇන්ඩ් රෝල් සංගීතවේදීන්ට අහිමි වේවිද?
බෝඩිට ලෝකය සමග ඔවුන්ගේ සංගීතය බෙදාගන්න තිබෙනා ආසාව ඉටු වේවිද?
හරි ඔන්න ඔය ප්‍රශ්ණ පහට උත්තර ෆිල්ම් එක බලද්දි ලැබෙයි.
- Rock Dog (2016)
- Rock Dog 2: Rock Around the Park (2021)








