EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Romancham (2023) | අනාමිකා

SOUBIN SHAHIR , ARJUN ASHOKAN ඇතුලු නවක නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙන Comedy Horror කාණ්ඩයන්ට අයත් IMDb 8.0/10 ක අගයක් ලබාගනිපු මේ වසරෙ දැනට ආව මලයාලම් ෆිල්ම් වලින් වැඩිම ආදායමක් හොයපු ෆිලුම මේක..කෝටි 5 කටත් අඩුවෙන් වියදම් කරලා කෝටි 70+ හෙව්වා , දැනට මලයාලම් ඉන්ඩ්‍රස්ට්‍රියෙ වැඩිම හොයපු ෆිල්ම් වලින් එකක්

ජිබී , නිරූප් , සෝමන් , හරිකුට්ටන් , මුකේශ් , රිවින් , ශිජප්පන් , කියන්නෙ බැංගලූර් වල ගෙදරක් කුලියට අරන් ඉන්න කොල්ලො 7 දෙනෙක් , ආතල් එකේ ඉන්න සෙට් එකක් , දවසක් මෙයාලා OUIJA BOARD එකකින් සෙල්ලම් කරන්න පටන්ගන්නවා , හොදට හිටපු සෙට් එකට එතනින් පස්සෙ මොකක් වෙයිද..

විශේෂයෙන්ම මලයාලම් සිනමාව තුළ හොඳ Horror & Comedy එවා හමුවන්නේ බොහොම කලාතුරකින්…හාස්‍යය පමණක් නොව උපහාසය, දේවත්වය සහ අද්භූත සිදුවීම් පිළිබඳ විශ්වාසයන් සියල්ලම එකට කැටිවෙච්ච, ජීවිතයේ අවුල් සහගත තත්වයන් මධ්‍යයේ වූවත්, 2007 වසරේ බැංගලෝරයේ තමන්ගේම ජීවිතයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරන තරුණයන් හත් දෙනෙකුගේ ජීවිත වටා සිද්ද වුන සත්‍ය සිදුවීමක් පාදක කොට ගෙන නිර්මාණය වුන සෙල්ලමක් ලෙල්ලමක් වෙලා නතර වෙන, හිනා වෙලා බලන්න පුළුවන් ආතල්ම ආතල් Horror කොමඩියක් තමයි මේක , දෙවෙනි කොටසකුත් එයි වගේ …

Comments