EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Saahasam Swaasaga Saagipo (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Gautham Vasudev Menon
Cast
Go Full Cast PageSahasam Swasaga Sagipo (2016) | ජීවිතය වෙනස් කල බයිසිකල් සවාරිය
IMDB අගය 7.6 ක් ලබාගත්ත සුපිරි තෙළිගු ෆිල්ම් එකක්. Gautham Menon තමා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට පනපොවන්නේ අපි හැමෝම දන්න Naga Chaitanya, ඒ වගේම ප්‍රධාන නිලියට පනපොවන්නේ Manjima Mohan. එයාවනන් කවුරුත් වැඩිය දැකල නැතුව ඇති. 2016 නොවෙම්බර් 10 දින තිරගතකිරිම ආරම්භ කරපු මේ ෆිලුම පුරා විනාඩි 154ක් පුරා දිවයනවා. මෙයට සංගීතය මුසු කරන්නේ A.R.Rahaman, දන්න කට්ටිය දන්නවානේ එයාගේ සින්දු කොහොමද කියලා
මේ ෆිලුමේ කථාව පැත්තට හැරුනොත් අපි කවුරුත් හීනෙකින්වත් හිතන්නේ නැති අවසානයක් තමා වෙන්නේ, අපේ කථා නායකයාගේ ගෙදරට ටික කාලෙකට නවතින්න එනවා ඔහුගේ සහෝදරියගේ යාලුවෙක්, මෙන්න මෙයා නිසා තමා අපේ කථා නායකයාගේ මුළු ජිවිතයම වෙනස් වෙන්නේ, ඇයගේ නම ලීලා (Manjima Mohan), අපේ කථා නායකගේ නම නන් ටිකක් අමුතුම එකක් ඒක ඔයාට කථාව අවසානෙදි තමා දැනගන්න වෙන්නේ. කොහොම හරි මොවුන් දෙන්නා බයික් එකක සවාරියක් යනවා, ඒ අතරතුරේදී තමා මේ කථාව ආදරණිය පැත්තේ ඉදලා ක්‍රියාදාම පැත්තට මාරුවෙන්නේ. කොහොමහරි ඔයාලට හොදට රසවිදින්න ඒ වගේම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිලුමක් කියලා වගකීමෙන් කියන්න පුළුවන්. හීනෙකින්වත් නොහිතන අවසානයක් එක්ක ගොතපු ලස්සන කතාවක්.

