EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSaali Mohabbat (2025) | මිහිරි විෂ
අද ගෙන එන්නෙ පහු ගිය දා ZEE5 හරහා නිකුත් උන ලස්සන හිංදි චිත්රපටයක්. Drama thriller ශානරයට අයත් මේ චිත්රපටයත් හොඳ ප්රතිචාර රැගත් චිත්රපටයක්. Tisca Chopra කියන ප්රවීණ නිළියගේ මුල්ම වෘතාන්ත චිත්රපටය තමයි මේක. කොහොම උනත් තම්න්ගේ කුලුඳුල් අධ්යක්ෂනය සඳා හොඳ චිත්රපටයක් පිරිමන්න ඇය සමත් වෙනවා.
Radhika Apte ප්රධාන චරිතය රඟන මෙහි Divyenndu, Anshumaan Pushkar, Sauraseni Maitra සම්ග් හිංදි සිනමාවේ දෑවැන්තයෙකු වන Anurag Kashyapද චරිත රඟපානවා.
ඉතිං කතාව පැත්තට ගියොත් ස්වේතා නැමති කාන්තාවක් වටා තමයි කතාව ගොඩ නැගෙන්නෙ. ඇය සිය සූදු අන්තුවෙකු වන සැමියා පංකජ් සමග සිය පියාගේ නිවසේ පදිංචි වෙලා ඉන්නවා. ණය බරින් පීඩිත පංකජ් බිරිඳ සතු දෙපළක් විකිණීමට උත්සාහ කලත් ඇය එයට විරුද්ධ වෙනවා. ඉතින් මේ ගැටළු වලින් ගහණ කැදැල්ලට තව චරිතයක් එකතු වෙනවා. ඒ ගෙදර බෝඩිං වෙන්න එන ස්මිතාගේ ඥාති සොයුරිය. ඒ සමග මේ නිවසේ විශාල පරිවර්ථනයක් සිදු වෙනවා. ඒකට සිව් වැන්නෙක් ලෙස ඉක්මණින් පොහොසත් වෙන්න මාන බලන තරුණ පොලිස් පරීක්ෂක වරෙයෙකුත් එකතු වෙනවා. තත්වය කුමක් වේවිද? බලලම ඉන්න. පැයකුත් විනාඩි 48ක් වැනි එතරම් දිගට ඇදෙන්නෙ නැති මේ කතන්දරයට හිංදි රසිකයින් කැමති වෙයි කියල හිතනවා.








