EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSamshayam (2025) | අපේ පුතා අපිට දෙන්න
ලස්සන කතාවක් උනත් ලොකු ලොකු තරු හිටියෙ නැති නිසාද දන්නෙ නෑ මේක එතරම් ජනප්‍රිය උනේ නෑ වගේ. ඒත් මලයාලියේ දක්ෂම නළු නිළියන් කීප දෙනෙක් මේකෙ රඟපානවා. තමන්ටම ආවේණික ශෛලියක් තියෙන දක්ෂ නළුවෙක් තමයි විනේ ෆෝට්, ලිජොමොල් ජෝස් ගැනත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ, ඒ වගේම මේ දවස් වල ජනප්‍රිය ශරාෆුඩීන්, සිද්දික් වගේ නළුවන් රඟපාන මේකෙ අධ්‍යක්ෂනය රාජේශ් රවීගේ.
අවුරුදු එකහමාරක් ආදරෙන් හදා ගත්තු දරු පැටියා එක පාරටම අහිමි උනොත්? එහෙම නැත්තම් වෙන කෙනෙකුට දෙන්න උනොත් මොකද හිතෙන්නෙ? ඒ වෙනුවට වෙනත් දරුවෙක් තමන්ට ලැබුනොත් ඔබට ඒ ආදරේම දෙන්න පුළුවන්ද? මෙතන තමන්ගෙ ලේ පිළිබඳ ප්‍රශ්ණයක් තියෙනවද? මනෝජන්, විමලා යුවළට වගේම හාරිස් ෆයිසා යුවළටත් මේ ප්‍රශ්ණෙට මැදි වෙන්න වෙනවා. ඒ කෙනෙකුගේ සැකයක් මත පදනම් වෙලා සිදු වෙන සිදු වීමක්. අන්තිමේදි මේ ගැටළුව විසඳා ගන්නෙ කොහොමද? මේකත් තවත් අමුතුම කතාවක්.



