EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSankranthiki Vasthunam (2025) | “පවුලේ මෙහෙයුම”
2025 ජනවාරි 14 වෙනිදා නිකුත් වුන තවත් අලුත් තෙලිගු චිත්‍රපටියක් මේක .. මේක අයත් වෙන්නෙ Action / Comedy කියන කැටගරියට.. ඒත් කොමඩි තමයි වැඩි හරියක් තිබ්බේ.. අන්තිම ෆයිට් එක නම් සාමන්යෙන් හොද මට්ටමේ තිබුනා.. සමහර විහිලු වලට හිනා ගියාට සමහර විහිලු නම් ඇත්තටම සෙට් නෑ..
රංගනයෙන් දායක වෙන්නෙ කවුරුත් දන්න තෙළිගු නළු Venkatesh, Aishwarya Rajesh, Meenakshi Chaudhary
අයිශ්වර්යා නම් ඕවර් ඇක්ටින්.. වෙන්කි නම් වැඩේ බැලන්ස්.. මුල ඉදන් ආතල් දීලා දීලා අන්තිමට සමාජෙට පොඩි පණිවිඩයකුත් දෙන්න උත්සහ කරලා තිබ්බ.. ඒ විතරයක් නෙවෙයි ඔන්න මේකේ දෙවනි කොටසකුත් 2026 අවුරුද්දේ එනවලු..
අධ්‍යක්ෂණය හා කතාව – Anil Ravipudi
භාෂාව – තෙළිගු
ධාවන කාලය – මිනිත්තු 144
ලෝකේ ප්‍රමුඛ සමාගමක ප්‍රධාන විදායක නිලධාරියෙක් වන ආකෙල්ලා මහත්තය ඉන්දියාවට එනවා.. මෙයා මුලින්ම හම්බෙන්නේ ප්‍රාන්තේ මහා ඇමතිතුමාව.. මේ වෙලාවේ එක්තරා කල්ලියක් විසින් ආකෙල්ලව පැහැරගන්නවා.. ඒ කල්ලියේ ඉල්ලීම තමයි හිරගෙදර ඉන්න එයාලගෙ සහෝදරයව නිදහස් කරන්න කියන එක.. ආකෙල්ලා මහත්තයාගේ ආරක්ෂාව භාරව හිටියේ මීනාක්ෂි කියන පොලිස් නිලධාරිනිය.. දැන් මේ ආකෙල්ලව බේරා ගැනීමේ මෙහෙයුමට මහ ඇමතිට ඕන කරනවා පොලිසියේ හොද වැඩ කාරයෙක්.. එක්කෙනෙක් ඉන්නවා.. හැබැයි පොරගේ වැඩ තහනම් වෙලා.. මෑන් කවුරු කතා කරත් මේ වැඩේට නම් එන්නෑ..
ඒත් මීනාක්ෂි කතා කරොත් නම් එයි.. මොකද මීනාක්ෂි තමයි පොරගේ EX Girlfriend..
Breakup වෙනකොට මෑන් මීනාක්ෂිට පොරොන්දු වෙන්නෙ එයාගේ ජිවිතේ ආයෙ කිසිම කෙල්ලෙක්ට ඉඩ නෑ කියලා.. හැබැයි මෑන් කසාද බැදලා.. ඒ මදිවට අවුරුදු 6ට පොරට ළමයි 4 දෙනෙක්…
ඉතුරු විස්තරේ ඔයාලම බලන්නකෝ..



