EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Satyaprem Ki Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

කතා : ඔයා කියන්න කලින් කොහොමවත්ම හිතන්නෙ නෑ නේද?

සත්‍යප්‍රේම් : ඇත්ත කියන්න කලින් හිතන්න තියෙන්නෙ මොනවද?

කතා:
හිතන්න වෙනවා.
සමහරක් ‘ඇත්ත’ එහෙමයි තියෙන්නේ, ඒවා..
තවත් කෙනෙක්ට දරාගන්න බැහැ.
තව සමහරක් ඒවා..
ඒවා තමන්ටම දරාගන්න බැහැ.

සත්‍යප්‍රේම් :
මොන දවසකදිද, ඔයා ඔයාගෙ ‘ඇත්ත’ දරාගන්න සූදානම් වෙන්නේ,
එදාට කියන්න.
මං අහන්න ලෑස්තිවෙලා ඉන්නම්.

ඇත්ත තමයි. සමහර “ඇත්ත” තියෙනවා, අපිට ඒක දැනගන්න කම් බොහෝ සෙයින්ම වුවමනාව තිබුනත්, දැනගත්තට පස්සේ ඒවා, අපිට හොර රහසේම හැංගිලා තිබුනා නම් හොඳයි කියලා හිතෙන. ඉතිං එහෙනම් මේ ආකාරයෙන් ඔයාලව සත්‍යප්‍රේම්ගේ විවාහ දිවියට සාධරයෙන් පිළිගන්නවා.

සත්‍යප්‍රේම් කියන්නේ මධ්‍යම පාන්තික පවුලක සාමාන්‍ය තරුණයෙක්. විහිළුවෙන් තහලුවෙන් ජීවිතය ගෙවෙන ඔහුට ස්තිර වශයෙන් රස්සාවක් එහෙම නෑ. එදිනෙදා දෙයක් කරගෙන ඉන්නවා. කතා කියන්නේ බොහොම ධනවත් පන්තියක ගැහැණු ළමයෙක්. අපෙ සත්‍යප්‍රේම්’ගෙ ක්‍රශ් එක තමයි කතා. කතා කියන්නේ නර්තන රඟ දැක්වීම්, එවෙන්ට් කරන කෙනෙක්. අපෙ සත්‍යප්‍රේමුත් ඒවා බලන්න අනිවාරෙන්ම යනවා ඉතිං.

ඔහොම ටික දවසක් යනකොට එක පාරටම කතාගේ අම්මයි තාත්තයි ඇවිල්ලා එයාලගෙ දියණියව කසාද බදින්න කියලා සත්‍යප්‍රේම්ට කියනවා. සත්‍යප්‍රේම්ගෙ හිසේ මලක් පිපුණා වගේ වෙනවා. මේ හිටි හැටියෙම තමන්ගේ ක්‍රෂ් එක වගේම, සල්ලි කන්දක් නේද මේ ඔළුව පාත් වුනේ කියලා හිතිලා. ඒත් ඉතිං, ඊට පස්සෙ තමයි සත්‍යප්‍රේම්’ගෙ දිවිය කට පිට හැරෙන්නේ.

ලස්සනම ගීතයකින් තමයි මේ චිත්‍රපටය ඇරඹෙන්නේ.. ඒකෙ පදවැල් වලින් අපෙ සත්‍යප්‍රේම්ට, කතාව බදින්න තියෙන ආශාව කොපමණක්ද කියලා ඔයාලට පෙන්වලා දේවි. ඒවගේම තවත් ගීත තියෙනවා ප්‍රේක්ෂකයාව දුක් ගන්වන වගේම හිත සැහැල්ලු කරන. මේකෙ ගීත බොහොම විශේෂයි එච්චරටම. ඒ ඔක්කොමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ.

Romance / Comedy ඝණයට වැටෙන මේ චිත්‍රපටයට ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහොම ඉහළින් ලැබුණා වගේම කාර්තික් ආර්‍යන් සහ කියාරා අද්වානිගේ රංඟනයට බොහොම පැසසුම් ලැබුණා. විශේෂෙන් කාර්තික් ගැන නම් කියන්නම වෙනවා. කියනවට වැඩිය ඔයාල පටන් ගත්ත වෙලේ ඉදලා ඉවර වෙනකම්ම ඔහුගෙ මූනෙ හැගීම් බැලුවනම් තේරේවි. වෙනදා ඔහුගෙන් දකින්නට නොලැබෙන ගොඩක් දේවල් මේ චරිතයෙන් තිබුනා. වෙනදා අපිට විහිළුවෙන් තහලුවෙන්ම ඉන්න කාර්තික්වනෙ දැක්කේ.. මේ පාර විහිළුවෙන්, අධික කේන්තියෙන්, දුකෙන් , ආදරයෙන් ඉන්න කාර්තික් කෙනෙක්ව දකින්න ලැබෙයි. අනාගතයේ අතිශයෙන් දිදුළන තරුවක් වීමේ ලක්ෂන ගොඩක්ම විහිදෙනවා කාර්තික්ගෙ.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments