CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3023 Views

  • Watch trailer
  • Player 01 [ With Ads]
  • Player 02 [NO ADS]
  • Player 03 [ With Ads]
  • Player 04 [ With Ads]
Saw X (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Saw X (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 26, 2023United States118 Min.
Your rating: 0
8.8 19 votes
Saw X (2023) | මාරයා එක්ක සෙල්ලමක්! | (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Horror/Slasher ෆිල්ම් ඉතිහාසයේ දැවැන්ත පෙරලියක් කරපු ෆිල්ම් සීරීස් එකක නවතම චිත්‍රපටය Saw X. Saw කිව්වහම නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑනෙ නේද? මොකද කිව්වොත් හොරර්/ස්ලෑෂර් කිව්වහම කෙනෙකුගේ හිතේ මැවෙන හැලෝවීන්, ටෙක්සාස් චෙන්සෝ, ස්ක්‍රීම් වගේ ඝාතකයෙක් මිනිස්සු මරණ ෆිල්ම් වලට පිටින් ගිහින් මාස්ටර් මයින්ඩ් එකකින් ගේම් ගහලා අන්තිමේදි ප්‍රේක්ෂකයාට හිතාගන්නවත් බැරි අවසානයක් දෙන්න සමත් වුණු ෆිල්ම් සීරිස් එකක් තමයි මේක.

Saw ෆිල්ම් සීරිස් එක ප්‍රේක්ෂකයො අතර ජනප්‍රිය වෙන්නේ මේකෙ ඉන්න ඝාතකයා වෙන ජිග්සෝ නිසා. ගොඩක් ස්ලෑෂර් ෆිල්ම් වල වගේ හිතුමතේ මිනිස්සු මරණවා වෙනුවට මේකිදි ජිග්සෝ කරන්නේ වැරදි කරන මිනිස්සුන්ව අල්ලලා ඔවුන්ව ගේම් එකකට හිර කරලා එයාලගෙ වැරදි හදාගන්න තමන්ටම අවස්ථාවක් දෙන එකයි. කලින් ෆිල්ම් බලපු අය නම් දන්නවා ඇති ඒ ගේම් මොන තරම් දරුණුද කියලා වගේම ජීවත් වෙනවද මැරෙනවද කියලා තීරණය කිරීමේ අයිතියත් ක්‍රීඩකයාටමයි තියෙන්නේ කියලා. ඒ වගේම මේ ෆිල්ම් වල තිබුනු අවසානයන් ගැනත් මතක් නොකරම බෑ. මොකද කිව්වොත් ප්‍රේක්ෂකයාව ඉදගෙන ඉන්න පුටුවෙන් නැගිට්ටෙන තරමේ සුපිරිම ප්ලොට් ට්විස්ට් දෙන්න සමත් වුණු ෆිල්ම් සීරිස් එකක් බවටත් Saw ප්‍රසිද්දයි.

වැඩිය ඕන්නෑ ඔයාල හොරර්/ස්ලෑෂර් ෆිල්ම් රසිකයෝ නම් අනිවාරෙන් මේකෙ මුල් ෆිල්ම් තුන බලලා ඉන්න, කිසිම පාඩුවක් නෑ වගේම මේකෙ පලවෙනි ෆිල්ම් එක බලපු ගමන් අනිවා අනික් ටිකත් නිකංම බැලෙයි. මොකද මේකෙ මුල් ෆිල්ම් එකකට එකක් කොහොම හරි සම්බන්ද වෙනවා. හැබැයි මේ Saw x අළුත් ෆිල්ම් එක නම් කලින් ෆිල්ම් වලට සම්බන්ද නෑ කියන්නේ නෑ, හැබැයි ඒ වගේ වෙන සිද්ධි අනං මනං මේකෙ මුකුත්ම නෑ අලුතෙන්ම බලන කෙනෙක්ට වුණත් බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි ඉතිං නියම ගැම්මක් තියෙන්නේ නම් මේකෙ පලවෙනි ෆිල්ම් දෙක තුනවත් බලලා බැලුවොත් තමා. මොකද එතකොට තමා මේකෙ යකා මොන වගේ එකෙක්ද කියලා අපිට දැනගන්න හැකිවෙන්නේ.

එහෙනම් අපි මේ ෆිල්ම් එකේ වටේ තොරතුරු ටිකක් දැනගෙන ඉමු. මේක තමයි මේ Saw ෆිල්ම් සීරිස් එකේ දසවන ෆිල්ම් එක,

මේක ෆිල්ම් එක ලංකාවෙ ඇතුලුව සිනමාශාලාවල් වලට නිකුත් වෙන්නේ සැප්තැම්බර් 28 වෙනිදා සහ වෙබ් පිටපත් නිකුත් වුණේ අද(ඔක්තොම්බර් 20 වෙනිදා). මේකෙත් බෙදාහැරීම් කටයුතු කළේ කලින් ෆිල්ම් වල වගේම Lionsgate ආයතනය විසින්. චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 13 වැය වෙලා තියෙනවා සහ චිත්‍රපටයෙන් මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 72.5 උපයාගන්නත් හැකිවෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ Saw VI, Saw 3D, Spiral, Jessabelle(2014) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Kevin Greutert මහතා විසිනුයි.

මේකෙ කාස්ට් එක ගැන කතා කලොත්, අපිට මේකෙදි හුරුපුරුදු චරිත තුන්දෙනෙක් බලාගන්න පුළුවන් වෙනවා එනම් කලින් ෆිල්ම් වලට ජිග්සෝ නැතිනම් ජෝන් ක්‍රේමර් චරිතයට පණ දුන් Tobin Bell, වගේම මේකෙ පලවෙනි ෆිල්ම් තුනේදි අපිට බලාගන්න හැකිවුණ ඇමැන්ඩත් මේකෙ ඉන්නවා සහ ඇයගෙ චරිතය නිරූපනය කරන්නෙත් කලින් නිලියම තමයි Shawnee Smith විසින්.”හැබැයි තුන්වෙනි එකා ගැන නම් මං කියන්න යන්නෙ නෑ, ඒක දැනගන්න ඔයාලට මේක බලන්නම වෙයි”

ඊට අමතරම අපිට මේකෙදි Synnøve Macody Lund, Renata Vaca, Michael Beach, Steven Brand වැනි අයත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කලොත් සෑහෙන්න ඉහල ප්‍රතිචාර මේකට ලැබිල තියෙනවා සහ IMDb එක විසින් Saw ෆිල්ම් සීරිස් එකේ දෙවෙනියට හොඳම ෆිල්ම් එක විදිහට මේක නම් කරල තියෙනවා. ඊට අමතරව මනාප 20, 700 අධික ප්‍රමානයකින් IMDb 7.1 ඉහල අගයක් ගන්නත් කුණු තක්කාලි 79% ගන්නත් සමත් වෙලා තියෙනවා. දැං හිතාගන්න පුළුවන්නේ ෆිල්ම් එකේ තරම?

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Bimsara Yashan (ඔලිව) (Baiscopelk)
IMDb 7 /10 21,444 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Wyrmwood: Apocalypse (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Z (2019) Sinhala Subtitles | Watch Online
Lust Stories (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zombieland: Double Tap (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Week Away (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Poor Things (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Damsel (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Homefront (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Under Paris (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lift (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Prasadi October 21, 2023 Reply

    Leo movie eka one🥺 ikmanata

  • Kasun October 22, 2023 Reply

    ඔව් ඕනි 😌

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published