EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSembi (2022) | “යුක්තියේ සටන”
Crime / Thriller / Action කියන Category එකට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් උනේ 2022 දෙසැම්බර් 30 වෙනිදා… අන්තර්ජාලයට නිකුත් වෙලා නම් ටිකක් දවස් 🥺💔මේක අධ්‍යක්ෂණය කරන්නේ Prabhu Solomon කියන අධ්‍යක්ෂකවරයා විසින්…කතාව රචනා කරලා තියෙන්නෙත් ඔහු විසින්මයි..මේ ෆිල්ම් එක IMDB අගයත් 7.8 ක් වගේ ඉහල අගයක් අරන් තියෙනවා..
රංගන ශිල්පීන් ගැන කතා කරද්දී, විශේෂයෙන්ම කියන්න ඕන ප්‍රධාන චරිතය සෙම්බි ගේ චරිතයෙන් ඔබ හමුවට එන ඒ ළමා නිළිය.. ඇය අතිශය සුපිරි රංගනයක නියැලෙනවා 🔥 තව අනික් ප්‍රධාන චරිතය සෙම්බිගේ අත්තම්මා චරිතය සදහා දායක වෙන්නෙ Kovai Sarala නිළිය විසින්.. මැයත් ඉතාමත් ආකර්ෂණීය රංගනයක නියැලෙනව ඔයාලටම බලාගන්න පුළුවන් 🤗🤍 එතකොට අනික් ප්‍රධාන චරිතය ලෝයර්ගේ චරිතය… නළු Ashwin Kumar Lakshmikanthan රංගනයෙන් දායක වෙනවා.. මුළු කතාවටම සාදාරනේ ඉෂ්ට කරන චරිතේ ඔහු 🥺🔥
● Cast
◈Kovai Sarala as Veerathayi
◈Ashwin Kumar Lakshmikanthan as Lawyer
◈Thambi Ramaiah as Anbu bus conductor
◈Nanjil Sampath
◈Pala. Karuppiah as Politician
◈G. Gnanasambandam as Judge
◈Mullai Arasi
ඇත්තටම හොද සමාජයට ලොකු පණිවිඩයක් දෙන පට්ට ෆිල්ම් එකක් ❤️🤩 හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා 🥰
විස්තරේ පොඩ්ඩක් කියන්නම් වැඩිය කිව්වොත් Thrill එක නැතුව යනවා 🤪
සෙම්බි කියන්නේ කදුකර ප්‍රාදේශයක තියෙන ගම්මානයක එයාගේ අත්තම්මා එක්ක ජීවත් වෙන අවුරුදු 10 ක පොඩි අහිංසක ගැහැණු ළමයෙක්…එයාගේ අම්මා තාත්තා එයා පොඩි කාලෙම මැරෙනවා.. ඒකට හේතුවත් ඔයාලට ෆිල්ම් එකේදී බලාගන්න පුළුවන් 😔 දවසක් සෙම්බිට එයාගේ අත්තම්මා මී පැණි මුට්ටියක් හදල දෙනවා ඒක ගිහින් කඩේට දීලා එන්න කියලා.. ඒ යන අතරමගදී සෙම්බිට ලොකු අවාසනාවන්ත සිද්දියකට මුහුණ දෙන්න සිද්ද වෙනවා 💔 ඒ කොල්ලෙක් අතින් දරුණු විදිහට දුෂණයට ලක් වීම.. මේ කොල්ලා එසේ මෙසේ කොල්ලෙක් නෙවෙයි.. විපක්ෂ නායකගේ පුතා..ලොකු මිනිහට නීතිය එක විදිහක් ද.? පොඩි මිනිහට නීතිය තවත් විදිහක් ද.? කියල දැනගන්න මේ ෆිලුම බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා 🔥
සෙම්බිට යුක්තිය ඉල්ලා කරන සටන කොහොමද කියලා බලන්නකෝ 😊❤️






