EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
She’s Out of My League (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Emily McGovern, Jim Field Smith, Monika Petrillo, Richard L. Fox
Cast
Go Full Cast PageShe’s Out of My League (2010) | ඔයා තමයි මට මැවූ කෙනා. |18+
මේ චිත්‍රපටියත් මේ අවුරුද්ද තුළ තිරගතවුණු හොඳට හිනා වෙන්න පුළුවන් විදියේ චිත්‍රපටියක්. මෙම චිත්‍රපටිය තුළ සුරූපිණියගේ චරිතය නිරූපණය කරන්නෙ, ලස්සනම ලස්සන බ්‍රිතාන්‍ය නිළි Alice Eve විසිනුයි. ඇය මෙම චිත්‍රපටිය තුළ Molly ගේ චරිතය නිරූපණය කරනවා. මේ චිත්‍රපටයට මමනම් ආස වෙන්න එක හේතුවක් තමයි ඇයගේ රංගනය. රංගනය විතරක්ම නෙමෙයි ඉතින් ඇගේ ලස්සනටයි අර බ්‍රිටිෂ් ඇක්සන්ට් එකයි. වර්ණනා කෙරුවා වැඩිද මන්දා!
කතාව මේකයි, Kirk කියන්නෙ ගවන්තොටුපළක සේවය කරන නිලධාරියෙක්. ඔහු ඉතා කෙට්ටු සහ කෙසඟ ශරීරයක් සහිත කෙනෙක්. වැඩිය කවුරුත් එක්ක කතා නැති . කෙල්ලෙක් ඇහැක් ඇරලා බලන්නෙ නැති කොල්ලෙක්. හැබැයි එයාට නියම යාළුවො සෙට් එකක් ඉන්නවා. නියම ගැන්සිය. ඒ වගේම එයගෙ පවුලෙ කට්ටියත් මරු. හරි, කොහොම හරි අර මම මුලින් කියුව ලස්සනම ලස්සන Alice Eve ගුවන් තොටුපලට පැමිණෙනවා හදිස්සියෙම, Kirk වැඩ කරන ගුවන් තොටුපලට. Molly ගේ ලස්සන නිසාම එයා ගුවන් තොටුපලට පැමිණෙනවත් එක්කම මුලු ගුවන් තොටුපළම ෆුල් හොල්මන් වෙලා යනවා. ඒ අතර ඉතින් දන්නැද්ද ලස්සන කෙල්ලෙක් දැක්කහම ඉතින් කොල්ලො එහෙම ඉතින් පොඩි බයිට් එකක් දානවනෙ. හැබැයි මෙතනදි නම් මේ බයිට් එක දාන්නෙ ටිකක් වයසක ගුවන් තොටුපලේ සේවයේ නියැලෙන නිලධාරියෙක්, ඩයල් එකක්. නමුත් Kirk ඉතින් සැමට පිහිට කියලා හිතායෙන මේ Molly ට එතනින් ඉක්මනින්ම ගුවන් යානය වෙත ගමන් කිරීමට උදවු කරනවා. කොහොමහරි මේ Molly සහ Kirk අතර පොඩි ආදර හැඟීමක් ඇති වෙනවා. නමුත් Kirk ට මේ ගැන හිතා ගන්නත් ටිකක් අමාරුයි. කතාව මෙහෙම කියුනකොට අර සම්ප්‍රදායික තේමවක් වගේ කියල හිතුණට, ඇසි පිය නොගහ බලන්න පුළුවන් නියම කතාවක්. Kirk ගේ යාළුවො සෙට් එකයි, Kirk ගෙ අයියයි කරන වැඩ වලට බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන්. කොහොමහරි අන්තිමේට Kirk ට මේ සුන්දර Molly ගේ පෙම්වතා වෙන්න පුළුවන්ද? සිත ඇත්නම් පත කුඩාද! ඔය අනන්තවත් චාටර් කෙල්ලන්ට ලස්සන හැණ්ඩි කොල්ලො හම්බෙලා තියෙන්නෙ. ඒ නිසා මේකත් ඉතින් වෙන්ඩ පුළුවන් කතාවක්. කට්ටිය එහෙනම් මම කියනවට බාගෙන බලන්න. බලලා කමෙන්ට් පාරකුත් දාලම යන්න.
ලිපිය – දිනුෂ්ක උදාර (රොකියා)







