EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Silence… Can You Hear It? (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Aban Bharucha Deohans, Parvez Shaikh
Cast
Go Full Cast PageSilence: Can You Hear It (2021) | මේ නිහඬ බව බිඳින්න….
2021 අවුරුද්දේ මාර්තු 26 වෙනිදා සී5, OTT මාධ්‍ය හරහා නිකුත් වුණ Thriller ගණයට අයත් සයිලන්ස් : කැන් යූ හියර් ඉට්? (2021) හින්දි සිනමා නිර්මාණය වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවිය එක්ක එකතු උනේ. මුලින්ම මේ සිනමා නිර්මාණය වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොහොයුරාට වගේම වැඩ රාජකාරි මැද්දේ මේ සිංහල උපසිරැසිය වෙනුවෙන් දායකත්වය ලබා දුන්න මයුර සුරාජ් සොහොයුරාටත් ස්තූතිවන්ත වෙනවා.
මේ වෙද්දි 777 දෙනෙක්ගේ මනාපයෙන් IMDb දර්ශකයේ 6.6/10, 94% ක ගූගල් පරිශීලක අගයක් හිමිකර ගන්න මේ සිනමා නිර්මාණය සමත් වෙලා තියෙනවා. A b a n B h a r u c h a D e o h a n s ගේ තිර රචනයක් වගේම අධ්‍යක්ෂණයක් වෙන මේ සිනමා නිර්මාණය වෙනුවෙන් M a n o j B a j p a y e e, A r j u n M a t h u r, B a r k h a S i n g h, P r a c h i D e s a i, S a h i l V a i d, S h i s h i r S h a r m a, D e n z i l S m i t h ඇතුළු පිරිසක් රංගන දායකත්වය එක් කරලා තියෙනවා.
කතාව ගැන කිව්වොත්, පූජා කියන්නේ අවුරුදු 28 ක ලස්සන කෙල්ලෙක්. මෙයාගේ හිතේ තියෙන රහසක් කියන්න, පූජා දවසක් හැන්දෑවක තමන්ගේ යාළුවා කවිතාව හොයාගෙන කවිතාගේ ගෙදර යනවා. ඒත් පූජාට කවිතා මුණ ගැහෙන්නේ නෑ. කවිතා ප්‍රදර්ශනයක් පවත්වන්න පූනේ ගියා කියලා කවිතාගේ මහත්තයා රවී ඛන්නා පූජාට කිව්වම පූජා තීරණය කරනවා පහුවදාට පූනේ ගිහින් කවිතාව මුණ ගැහෙන්න. එදා කවිතාගේ ගෙදර නතර වෙන පූජා පහුවදා කවිතාව මුණ ගැහෙන්න යන්න ලෑස්ති වෙන අතරේ කවිතා ප්‍රදර්ශනය නතර කරලා ගෙදර එනවා. හදිස්සියෙම ගෙදර ආපු කවිතා පඩිපෙළකින් වැටිලා කෝමා තත්වෙකට පත්වෙනවා. එතකොට පූජාට කවිතාව මුණ ගැහෙනවාද? කවිතාට මොකද උනේ කියලා දැනගන්නවාද? කොහෙත්ම නෑ. මොකද ඒ වෙද්දිත් පූජා මේ ලෝකේ අත ඇරලා ගිහින් ඉවරයි. පූජාගේ මළ සිරුර දුර කන්දක මුදුනේ තිබිලා හමුවෙනවා. ඇත්තටම මෙයාලට මොකද උනේ? කාට හරි මේ අභිරහස විසදන්න පුළුවන් වෙයිද කියලා චිත්‍රපටිය බලලම දැන ගන්න.
- Silence… Can You Hear It? (2021)
- Silence 2: The Night Owl Bar Shootout (2024)






