EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Sinam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:G. N. R. Kumaravelan, Karthik Sivan, R. Saravanan
Cast
Go Full Cast PageSinam (2022) | “කේන්තිකාරයා”
ඔන්න තවත් දමිල ෆිල්ම් එකකට සිංහල උපසිරැසි රැගෙන ආවා. නොඉවසිල්ලෙන් බලන් හිටපු ගොඩක් ආසාවෙන් සබ් එක කරපු හරිම ලස්සන ෆිල්ම් එකක් තමා “සිනම් “ කියන්නෙ.. අරුන් විජෙයිගේ විශිෂ්ට රංගනයෙන් තමා මේක හැඩ වෙන්නෙ.. සාමාන්‍ය කතාවක් හරිම අපූරුවට නිර්මාණය කරලා තියෙනවා. මේ අවුරුද්දේ සැප්තැම්බර් 16 තමා සිනම් ලෝකය පුරා තිරගත වීම සිදු වෙන්නෙ.. මිශ්‍ර ප්‍රතිචාර හමුවේ සාර්ථකව තිරගත වුනා..
අධ්‍යක්ෂය G. N. R. Kumaravelan කතාව R.Saravanan, නිෂ්පාදනය R.Vijaykumar වෙනවා. සංගීතය Shabhir වෙන අතර ලස්සන ගීත 5ක් ඇතුලත් වෙනවා. අරුන් විජෙයිගේ 30වන චිත්‍රපටය වෙන අතර ඔහුගේ තවත් පොලිස් චරිතයක් තමා මේකත්..
කතාව කෙටියෙන් කිව්වොත්, පරි කියන්නෙ උප පොලිස් පරීක්ෂක කෙනෙක්. සුරූපී බිරිදක් හා හුරතල් දුවෙක් ඉන්න ඔහු ගොඩක් සතුටින් තමා ජීවිතේ ගෙව්වෙ.. මදූ තමා පරිගේ බිරිද. ලේ දන් දීමේ හොර වැඩක් මාට්ටු වෙලා තමා ඇයව හමු වෙන්නෙ. පස්සෙ දෙන්නා ආදරේ කරලා කසාද බදිනවා හැබැයි මදූගේ පියා මේකට තදින්ම විරුද්ධ වෙනවා. දිනක් මදූ සිය දියණිය එක්ක අම්මලගෙ ගෙදරට යනවා. ඒ ඇගේ කසාදෙන් පස්සෙ ඒ ගෙදරට යන පලමු ගමනයි. ගෙදරට අනිත් අය ආදරෙන් පිලි ගත්තත් පියා නම් එහෙම වෙන්නෙ නෑ. කෙසේ හෝ දියනියව අම්මලගෙ ගෙදර නතර කරලා ඇය තනියම රෑ ගෙදරට එන්න පිටත් වෙනවා. පරීට සිය බිරිදගේ මහ ගෙදරට යන්න ආරාධනා ලැබුණද යෑමට නොහැකි වෙන ලෙසට ඔහුට රාජකාරියක් වැටෙනවා.. කෙසේ හෝ ඇය තනියම ගෙදර එන අතර මග මදූට නොසිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ ඇගේ අවසන් ගමන වෙන බව කිසිම කෙනෙක් දැන සිටියේ නැ.. එහෙම තමා කතාව ගලාගෙන යන්නේ. කුතුහලයෙන් පිරුණ කතාවක්..
ප්‍රධාන රංගනය අරුන් විජෙයි හා පල්ලක් ලල්වානී.. මීට අමතරව,
Kaali Venkat
R. N. R. Manohar
Baby Desina
K. S. G. Venkatesh
Marumalarchi Bharathi
Tamizh ඒ අතර වේ…
ඉන්දියාවේ අසීමාන්තිකව සිදුවෙන කාන්තා දූෂණය වෙනුවෙන් කතා කරන ෆිල්ම් එකක්.. බොහොමයක් ෆිල්ම් ඒ සම්බන්ධයෙන් තිබුනත් මේක වෙනස්ම එකක්. ආදරය හා කෝපය එක්ක මිශ්‍ර වුන හැගීමක් එක්ක කරන අලුත්ම ගවේෂණයක් වගේ දෙයක්. බලන්න. හැමදාම වගේ කතාආ අවසානයේ ආදර්ශයක් දෙන එක මේකෙත් තියෙනවා. අලුත් කතාවකින් ආයේ හමු වෙන්නම්..











