CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2295 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Sindhubaadh (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sindhubaadh (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 27, 2019India134 Min.
Your rating: 0
10 7 votes
Sindhubaadh (2019) | මිනිස් ජාවාරමේ තවත් අමානුෂික පැතිකඩක්..!

අද අපි සියලුම දෙනා ජීවත් වෙන්නේ ඉතාමත් දියුණු ලෝකයක. ඒ විතරක් නෙවෙයි මේ මොහ‍ොත වෙනකොටත් විවිධ නවතම සොයාගැනීම් ලෝකයේ කොතැනක හො සිදුවෙනවා. ඉදිරි අනා‍ගතෙදි අද කරන්න බැරි බොහොමයක් දේවල් ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් වෙන්න තමයි මේ සොයාගැනීම් සිද්ද කරන්නේ.! ඉතින් කණගාටුවට කාරණයක් තමයි තවමත් අද අපි ජීවත්වෙන මේ වර්තමාන ලෝකයේ ඉතාමත් කෘෘර,පාපිශ්ඨ,අමානුෂික අඳුරු දේවල් තවමත් සැලකිය යුතු කොටසක සිද්ද වෙන එක. මේ අතර විශේෂයෙන් සඳහන් කරන්න ඕන දෙයක් තමයි හැමදේකටම ජාවාරම් කියලා දෙයක් තියෙන එක. ඉතින් අද මම ඔබ වෙත රැගෙන සිනමා පටයෙන්ද පෙන්වා දෙන්නේ අද ලෝකේ තියෙන ඉතාමත් පහත් අමානුෂික ජාවාරමක් සම්බන්ධවයි. ඒ මිනිසුන් විසින්ම මිනිසුන් අලෙවි කිරිමේ ජාවාරම.

අද ලෝකයේ විවිධ වර්ගයේ ජාවාරම් සිද්ද වෙනවා මත්ද්‍රව්‍ය,අනවසර භාණ්ඩ, ශරිර අවයව ඔන්න ඔය වගේ දේවල් මේ අතරින් ශරිර අවයවයන් මුදලට විකුණන ජාවාරමෙන් සිදු කරන්නේ ශරිරයේ තිබෙන අක්මා,වකුගඩු,ඇස්,හඳවත්, මේ වගේ අවයවන් අරගෙන ඉතාමත් ඉහල මිලකට අලෙවි කරන එක. අද කාලයේ ඉතාමත් ජනප්‍රිය වගේම කවුරු උනත් අකමැති නොවන දෙයක් තමයි රෑපලාවන්‍යකරණය. ලෝකයේ සිටින බොහොමයක් ධනවතුන් තමන්ගේ පෙනුම පැහැය පවත්වාගෙන යන්නට විවිධ ක්‍රියාවන් ඉතාමත් ඉහල මිලගණන් යටතේ සිදුකරගන්නවා. ඒවාට මිනිස් ශරිරයෙන් පවා ඇතැම් කොටස් අවශ්‍ය වෙනවා. මුලින් කී අවයව ජාවාරමේම අළුත්ම වෙළඳාම තමයි මිනිස් සම පවා අලෙවි කරන එක. ඒ කියන්නේ මිනිස් සමට පවා අවයවයන් අලෙවි කරන වෙළඳපලේ තියෙන්නේ අධික ඉල්ලුමක්.! ඇත්තටම මේවා කරන්නේ කොහොමද.? හිතාගන්නත් බෑ නේද..?

මේ වගේ දේවල් කරන්න ජාවාරම්කරුවෝ ඉලක්ක කරන්නේ දුප්පත් අහිසංක මිනිස්සු මොකද ඒ අයට යමක් සිද්ද වුනාම පෙරලා ප්‍රශ්න කරගෙන එන්න තිබෙන සම්භාවිතාව ඉතාමත් අඩුයි.! ඒ කාරණාවම තමන්ගේ වාසියට අරගෙන තමයි මොවුන් මේ වගේ පහත් ජාවාරම් සිද්ද කරන්නේ.! අද අප ඔබ වෙත සිංහල උපසිරැසි යොදා ගෙන ආ සිනමා පටයේ අන්තර්ගත වෙලා තිබෙන්නේ එවැනි කතාවක්..! මේ කතාව දමිළ සිනමා රසිකයො විතරක් නෙවෙයි පොදුවේ සියලුම දෙනා අනිවාර්යෙන් බැලිය යුතුම කතාවක් කියලා මම කිසිම පැකිලීමකින් තොරව යෝජනා කරනවා. මොකද අද බොහොමයක් දෙනා මුදල් අඟහිඟකම් වලින් මිදෙන්න වැඩි වැටුපක් වෙනුවෙන් විදේශ ගත වෙනවා.තමන්ගේ පවුලේ උදවියව විදේශ ගත කරනවා.! ඉතින් ඒ වගේ අය මේ ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කගත ගොදුරු..! නිතරම දැනුමින් පෝෂණය වෙලා ඉන්න කෙනෙක් ලේසියෙන් අකරතැබ්බ වලට මුහුණ දෙන සම්භාවිතාව ඉතාමත් අල්පයි. අප ජීවත්වෙන සමාජේ ගොඩක් දේවල් වල අඳුරු පැතිකඩකුත් තියෙන බව දැන ගෙන ඉන්න එකත් සෑහෙන්න වැදගත්.! එතකොට තමන් වගේම තමන් ආදරේ කරන අය තමන්ගේ හිතමිතුරන්ව පවා එවැනි කරදර වලින් ඈත් කරගන්න පුළුවන් වෙයි.

‍මේ වසරේ ජුනි මස 21 වනදා තිරගතවීම සඳහා සියළු කටයුතු සූදානම් කර තිබු නමුත් ඇතිවු යම් ගැටලුවක් නිසා ජුනි මසම 27 වෙනිදා සිට තිරගත කිරිමට පටන්ගත් මේ චිත්‍රපටය ඔබ අප කවුරුත් දන්නා රංගන ක්ෂේත්‍රයේ හිනිපෙත්තටම ගිය දමිළ රංගධරයකු වන විජේ සේතුපති විසින් ප්‍රධාන චරිතය රඟ දක්වන අතර තවත් දක්ෂ දමිළ නිලියක් වන අංජලි ද මෙහි ප්‍රධාන චරිතයක් රඟදක්වනවා.Super Hit උන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය හා රචනය S.U අරුන් කුමාර් විසින්. යුවන් ශංකර් රාජාගේ මියුරු සංගීතයෙන් සිනමාපටය තවත් අලංකාර වී ති‍බෙනවා.

Sindhubaadh (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sindhubaadh (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sindhubaadh (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sindhubaadh (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sindhubaadh (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sindhubaadh (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sindhubaadh (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sindhubaadh (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sindhubaadh (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sindhubaadh (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉන්ද්‍රජිත් උදය කුමාර (Baiscopelk)
IMDb 5.2 /10 468 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Priceless (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sentinelle (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Johnny English Reborn (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wonder Woman: Bloodlines (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Mythica: The Necromancer (2015) Sinhala Subtitle
Juni (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blacklight (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Devil’s Chair (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Afterlife (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Routtu (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published