CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSingle (2025) | “ තනිකඩයා ”
අද අරගෙන ආවේ single කියන තෙළිගු චිත්‍රපටිය. නමේ හැටියටම තනිකඩයෙක් ගැන තමයි මේකේ කියවෙන්නේ.මේක ඇත්තටම හාස්‍ය මුසු වෙච්ච රොමෑන්ටික් ෆිල්ම් එකක්. කෙල්ලෙක් හොයාගන්න කොල්ලෙක් විදින දුක, වගේම ඕනිම දේකට ළගින් ඉන්න හොදම යාලුවට කන්න වෙන කට්ට මේ ෆිල්ම් එකේ පෙන්නලා දීලා තියෙනවා.
කතාවේ හැටියට මේ තනිකඩයා තමයි විජේ. එයා බැංකු සේවකයෙක්. පොඩි කාලේ ඉදන් කෙල්ලෙක් යාළු කරගන්න ට්‍රයි කරනවා, ඒත් හරි ගිහින් නෑ. මෙයාට කෙල්ලෙක් නැත්තන් මෙයාගේ යාලුවට කෙල්ලෙක් ඉන්නත් බෑ. ඒ වගේ ඊරිසියාවකුත් විජේගේ හිතේ තියෙනවා. මේ විදිහට දවසක් මෙට්‍රෝ එකේදී දකින පූර්වා කියලා ගෑණු ළමයෙක්ට විජේගේ හිත යනවා. එදා ඉදන් එයාව සෙට් කරගන්න තමයි දගලන්නේ. මේ විදිහට යනකොට හරිනි කියලා තවත් ගෑණු ළමයෙක් මේ කතාවට හරස් වෙනවා. විජේගේ ලව් එකට බාදා කරනවා.
ඉතින් මේ ගෑණු ළමයා කවුද? එයාගේ බලාපොරොත්තුව මොකක්ද? විජේගේ ආදරේ සාර්තක කරගන්න පුළුවන් වෙයිද? එහෙනම් ඔයාලම ඒ ටික බලන්න.









